බයිට් එකට ඌරු මී මස් කා කබරයා දාලා
බයිට් එකට ගත් දඩ මසේ නම ඇසූ සැනින් කඹරයා සෙට් වී අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කයිකතන්දරයක් ගාලු දිසාවේ කුරුඳුවලට ප්රසිද්ධ ගමකින් අසන්නට ලැබේ.
දෙන්නා මිතුරෝය. ගජයෝය. වෘත්තීන් දෙකකය. එකෙක් කුරුඳු වැඩය. අනෙකා කුරුඳු වතු උදලු ගායි. වෘත්තීන් දෙක බැලූ බැල්මට වෙනස්වුවත් ආසන්නයෙන්ම යයි. අකුරු සෑස්තරේ දෙන්නටම අරහංය. කතාව නම් එය නොවේ.
දෙන්නම සෙට් වෙන්නේ දඩ මසක් තළාගත් දාටය. කුරුඳු ඉඩම්වලට එන ඌරකු, විල් මුවකු, තලගොයකු ඔවුන්ගේ දඩ මස්ය. වාසියක් වූ දාට