මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම
පොසොන් පෝදා වැව් මාළු සමග දන්සලකින් බත් කෑමට රජරට මායිමේ සිට ඇතුගල්පුරවරයට අයත් පොල්පිතිගම සීමාවට දුරකතර ගෙවා පැමිණි ඥාති නඩයකගේ පැතුම් සුන් වු පුවතක් අසන්නට ලැබුණි.
රජරටට අයත් කහල්ල පල්ලේකැලේ රක්ෂිතය අවට ගම්මානයකට ඉකුත්දා දකුණු පුරවරයේ සිට ඥාති පිරිසක් පැමිණියේ පොසොන් පෝයට පෙර දින සවස් යාමයේය. මීට පෙරත් ඔවුන් මෙලෙස මෙහි පැමිණ තිබේ. එහිදී ඔවුනට වැව් මාළුවලින් කරපු ආගන්තුක සත්කාර කිසිදාක අමතක නොවන්නේය.
ඒ එම නඩයේ සිටි බොහොමයක් වැව් මාළු කෑමට දැඩි ආශාවක් ඇති නිසාය.
මේ නිසා පවුලේ අය කලා බලලුවැව, සියඹලන්ගමුව වැව්වලට ගොස් වැව් මාළු ගෙනැවිත් මාළුවලින් අත කට පිරෙන්නටම කෑම කන්නටත්, ගෙවල්වලට රැගෙන යන්නටත් ඉඩකඩ සලසා දුන්හ.
එහෙත් ඔවුන් මෙවර මෙහි ළඟා වී ඇත්තේ පෝය දිනයක බැවින් මාළු සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරුය.
එම තත්වය හමුවේ පැමිණි අය දැඩි කනස්සල්ලෙන් යුතුව එහි සිටියදී එකකු කියා සිටියේ ‘වැව් මාළු සමග බත් දන්සලක්’ පොල්පිතිගම නගර සීමාවේ තිබෙන බවයි.
එය කන වැකුණු බොහොමයක් අය පෝයට වන්දනාවේ යාම පසෙක තබා එහි යාමට පෙරත්ත කළහ.
ඒ අනුව වෑන් රථ තුනකින් දකුණේ ඥාතිහු හා ගම්බද පවුලේ උදවියද එහි ගියහ.
නිවස ඉදිරිපිට සිටම බත්, කඩල, රොටී මෙන්ම ප්‍රයිඩ් රයිස් දන්සල් රැසක් තිබුණත් ඔවුන් ගියේ වැව් මාළු ඇති ඉසව්ව සොයමින් නොණත් ආශාවන් පොදි බැඳගෙනය. කියු තැන නෙත් සිත් පිනවන බෝඩ් එකක් දක්නට ඇත. එය හෝටලයකි. පෝය නිසා ඒකත් වසා තිබුණි
.එහි ‘වැව් මාළු සමග බත්’ දැකීමෙන් අන්ද මන්ද වු නඩය තවත් දන්සලකින් කුස පුරවාගෙන කිලෝමීටර් 50කට ආසන්න දුරක් ගෙවා ගොස් ඇති බවත්, කුණු වැව් මාළු කෑල්ලක් එක්ක බත් කෑමට යාමෙන් යාමට අදිටන් කර තිබූ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට නොහැකි වී ඇති බවත් දැන ගන්නට ලැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd