බයිට් එකට ගත් දඩ මසේ නම ඇසූ සැනින් කඹරයා සෙට් වී අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කයිකතන්දරයක් ගාලු දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ ගමකින් අසන්නට ලැබේ.
දෙන්නා මිතුරෝය. ගජයෝය. වෘත්තීන් දෙකකය. එකෙක් කුරුඳු වැඩය. අනෙකා කුරුඳු වතු උදලු ගායි. වෘත්තීන් දෙක බැලූ බැල්මට වෙනස්වුවත් ආසන්නයෙන්ම යයි. අකුරු සෑස්තරේ දෙන්නටම අරහංය. කතාව නම් එය නොවේ.
දෙන්නම සෙට් වෙන්නේ දඩ මසක් තළාගත් දාටය. කුරුඳු ඉඩම්වලට එන ඌරකු, විල් මුවකු, තලගොයකු ඔවුන්ගේ දඩ මස්ය. වාසියක් වූ දාට කුකුළු මස් කෑල්ලක, හරක් මස් කෑල්ලක හා මාලු කෑල්ලක රස බල බලා සෙට් වන අවස්ථා නැත්තේ ද නොවේ. කුරුඳු ඉඩම්වල උගුල් අටවා ඔවුහු දඩ මස් සොයා ගනිති.
එදා ද ඔවුහු සෙට් වූහ. ඒ දඩ මසක් සමගය. සෙට්වීම සෙට් කළ කෙනා මුලින්ම ෂොට් එක කටට දමා තමා සාදා ගත් දඩ මස් කෑල්ලක් ද කටට දමා ගත්තේය. ඒ අනුව යමින් අනෙකා ද ෂොට් එකක් දමා ගනිමින් අඩ අඳුරේම දඩ මස් කෑල්ලක් කටට දමා ගත්තේය. දඩ මස අමුතුය.
වෙනදා එන රස නොවේ. මචෝ අද දඩ මසට තැළුවේ මොකෙක් ද ඔහු ඇසුවේය. ආ අද මොකෙක්වත් හොඳ එකෙක් තලා ගන්න හම්බවුණේ නැහැ. මේ ඌරු මීයෙක් මිතුරා කීවේය. මොකෙක් ඌරු මීයෙක්. අර මීයට වඩා ටිකක් ලොකු එකා නේද යයි ඔහු ඔහුගෙන් ඇසුවේය. ඔව් ඇයි මොකදැයි මිතුරා පෙරළා අසනවාත් සමගම ඔහු කබරයා දාන්න පටන් ගත්තේය. යකෝ උඹ එහෙනම් මට මීයොත් කැව්වා නේදැයි කියමින් ඔහු අප්පිරියාවෙන් කබරයා නොනවත්වාම දැම්මේය. ඔහුගේ කබරයා දැමීම කෙසේ දැයි කීවොත් ඔහු ඇඟට පණ නැති වෙන තෙක්ම කඹරයා දැම්මේය.
එන පොට හොඳ නැති නිසා මිතුරා ඔහු තමාගේ නිවසේ ඇඳට දමා වමනය නතර කිරීමට දේශීය වෙදකම් රැසක්ම කළේය. අඩු නොවුණ තැන ආසන්නයේම ඇති ග්‍රාමීය රෝහලට මිතුරා ඔහු ඇතුළත් කළේ ඒ වනවිටත් ඔහුගේ ජීවිතය අනතුරේ තිබූ හෙයිනි. දඩ මස් සිද්ධිය කාට වහන් කරන්න හැදුවත් වෛද්‍ය ප්‍රතිකාර කිරීමට එය අවශ්‍යම වූ නිසා එය දැන් ටිකෙන් ටික ගමේ පැතිර යන්නේ හෙමින් නම් නොවේ.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd