කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
දන්සල කන්න ගොස් කවදාවත්ම නොකාපු කෑමක් කෑ තරුණයකු පිළිබඳව අඬහැරයක් දිගහැරෙන්නේ මෙසිරිලක දකුණු ලකේ ගාලු පුරෙනි.
වෙසක් දන්සලකි. තිබුණේ මහ රෑය. පෝලිම දිගය. ජනතාව එහි කිටිකිටියේය. කෙල්ලන් කොල්ලන්ද මේ අතරය. පෝලිමේ සිටි කවුරුත් නොඉවසිල්ලෙන් බලා සිටියේ සිය වාරය එන තෙක්ය.
මේ දන්සල් පෝලිමේ කෙල්ලන් මැද සිටි කොල්ලකුට අමුතුම දාංගලයකි. දන්සල් පෝලිමේ ඉදිරියෙන් සිටි කෙල්ලකුට ඔහු විහිළු තහළු කිරීමට පටන් ගත්තේය. ඇය කොතෙක් කීවත් ඔහුගේ කන්කරච්චලය නම් නැවතුණේම නැත. ඒ එක්කම ඇයගේ ඇඟට ඔහු තද වෙන්න ගත්තේය. එය හිතාමතා කළ දෙයක් බව කෙල්ලට ඒත්තු ගියේය. ඇය ඒ සම්බන්ධයෙන්ද ඔහුව දැනුම්වත් කළාය. ඒ හොඳින්ය. සරල සිංහලෙනි. කාරුණිකවය.
ඒත් ඔහු එයට ඇහුන්කම් දෙන වගක් නොවීය. ඔහුගේ කන්කරච්චලයට සමගාමීව ඔහු ඇයගේ ඇඟට තදවීමට ගත් උත්සාහයද වැඩි විය.
ගියේ විනාඩි පහකි. යතුරුපැදි තුනකින් තරුණයෝ හය දෙනෙක් එතනට පැමිණියහ. “අයියේ මෙයා තමයි” දන්සල් පෝලිමේ සිටි තරුණිය ඔහු පෙන්නුවාය. ඒ සමගම එතනට ආ තරුණයෝ හය දෙනාම ඔහුට තැළුෑහ. අවසානයේදී ඔහු ගුටි නොකා බේරීමට දිව ගියේ දෙපාවලට වැඳ වැඳය.
ඔහුගෙන් පීඩාවට පත්වූ තරුණිය සමග පැමිණ දන්සල් පෝලිමේ සිටි තවත් තරුණියකගේ රහස් දුරකතන පණිවිඩයකට අනුව ආ තරුණයන් හය දෙනා මෙසේ ඔහුට තළා ඇති බව කාටත් දැනගන්නට සිදුවූවේ පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd