දිනේ මාරු වී දෙලෝ රත්වෙලා පොසොන් පෝයට බත් දන්සලකින් දවල් ආහාර ගැනීමට ගිය නිවැසියන්ට දිවා ආහාරය නිවසේදීම සපයා ගැනීමට සිදු වූ පුවතක් වයඹ පුරවරයට අයත් ගැමි පෙදෙසකින් අසන්නට ලැබුණි. නිවසේ උදවියට අමතරව ඥාතිහු ද මෙදින නිවසට පැමිණ සිටියහ. ඒ පොසොන් පුර පසළොස්වක පෝය නිමිත්තෙනි. 12 June 2025
බලු කපුටු දාන දෙන්න ගිහින් රෙදි ගලෝගෙන මෙය බලංගොඩ නගරයට ආසන්න ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි. පොසොන් පොහොය දින තරුණ යුවළක් බලු කපුටු දානයක් දෙන්න තීරණය කළහ. ඒ අනුව ඔවුහු උදෑසනම දානය සූදානම් කර කැන්ද කොළ ටිකක් කඩාගෙන තම යතුරුපැදියෙන් බල්ලන් (සුනඛයන්) සහ කපුටන් සොයමින් මාර්ගයේ ගමන් කළහ. 11 June 2025
මඟුල් දා රැග් එකෙන් බේරාගන්න මාමණ්ඩි මැරයන් අරන් ගිහින් තම දියණියගේ විවාහ මංගල්‍යය දා දියණියටත් සිය අනාගත බෑනාටත් ඔවුන්ගේ මිතුරන්ගෙන් අත් විඳින්නට සිදුවන නවක වදයෙන් බේරා ගැනීම සඳහා තම ගම්මානයේ සිට මැර පිරිසක් රැගෙන ගොස් සූදානමින් තැබූ මාමණ්ඩියකු පිළිබඳ පුවතකි. සිද්ධිය මෙසේය. 10 June 2025
ලොක්කාගෙන් කැකිල්ලේ දඬුවමක් තරහ බැඳගත් සේවකයින් පිරිසකට අපූරු දඬුවමක් දුන් ගාලු දිසාවේ ආයතනයක ලොක්කකු ගැන කතාවක් අසන්නට ලැබේ. මේ ලොක්කා සැඟවී හෝ එළිපිට තමන් විවේචනය කළ සේවකයන් සම්බන්ධයෙන් තරහ බැඳගෙන සිටියේය. ඔහු බල බලා සිටියේ කොයි මොහොතක හෝ ඔවුන්ගෙන් පළි ගැනීමටය. ඔවුන්ට රිද්දවීමටය. ඒ ඔවුන්ව නම්මාගෙන සිය ග්‍රහණයට ගැනීමටය. 09 June 2025
පවුල් කන්න බෑ කී බිරිද සැමියාත් එක්ක පොල් ගාලා සැමියා සමග මින් ඉදිරියට ජීවිතේට පවුල් කන්නේ නැතැයි කියමින් බිරිඳ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් ගැන සොයා බැලීමට පොලිස් නිලධාරියකු නිවසට යද්දී දහවලට කෑම සූදානම් කිරීමට බිරිය හාල්මැස්සන්ගේ ඔලු කඩමින් ද සැමියා පොල්ගාමින් ද දෙදෙනාම සතුටින් සිටිනු දැකීමෙන් රාළහාමි පුදුමයට පත්වීමේ සිද්ධියක් රක්වාන ප්‍රදේශයේ වතු යායකින් වාර්තා වෙයි. පැමිණිල්ල ගැන සොයා බැලීමට නිවසට ගිය රාළහාම් සිද්ධිය ගැන විස්තර කළේ මෙසේය. 07 June 2025
දැරියගේ ෆෝන් අසනිපයෙන් මවුපියෝ අන්ද මන්ද වෙලා දින ගණනක් තිස්සේ වැසිකිළි නොයාම නිසා අසනීප වූ දැරියක එයට හේතුව ජංගම දුරකථනය නොමැතිවීම බව වෛද්‍යවරයාට පැවසීම නිසා මව්පියන් අන්දමන්ද වී ඔවුන් භාරයට ගත් ජංගම දුරකථනය එම දැරියට ආපසු ලබාදීමේ අපූරු පුවතක් දකුණේ රතුපාටට හුරු ගමකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 07 June 2025
පොදු වැඩෙනුත් ගාණ කපාගෙන මාරු සිය ගමේම පොදු වැඩක් කළ තරුණ සංවිධායකයන් පිරිසකට ගල් කැටයමක් කැපූ අපූරු එම ගමේ අපූරු අයකු පිළිබඳ කතාවක් අසන්නට ලැබේ. රටට ජාතියට සෙත් පතා මේ ගමේ ලොකු පිංකමක් පැවැත්වීමට ගමේ තරුණ තරුණියෝ කටයුතු කළහ. සෙත් පිරිත් සජ්ඣායනාවක් සහ සංඝගත දක්ෂිණාවක් ඊට ඇතුළත්ය. එම අවස්ථාවන් දෙකම ඡායාරූප ගත කිරීම සඳහා ගමේ කොල්ලො කෙල්ලො කෙනෙකු සොයමින් සිටියහ. මේ හාදයාට ද එය කණ වැකුණේය. 07 June 2025
බිලා එන්න එපා කීවාම බොන්න යන්න අඩ ගහලා මත්පැන් පානයෙන් තොරව තම රාජකාරිය ඉටුකරගන්නට පැමිණෙන ලෙස උපදෙස් දුන් රජයේ කාර්යාලයක නිලධාරියකුට කෙළින් හිටගන්නටවත් බැරිවන පරිද්දෙන් පදමට ගසා සිටි අයෙකු තමුන් සමග නගරයේ අරක්කු තැබෑරුමට එන්නැයි ආරාධනා කළ සිදුවීමක් පිළිබඳ පුවතකි. සිද්ධිය මෙසේය. 07 June 2025
මවගේ මිනියට ගුටි කෙළගෙන මියගිය පස් දරු මවගේ දේහය භාර ගැනීම පසෙකලා දරුවන් පස් දෙනා ගුටි බැට හුවමාරු කර ගනිද්දී හදිසි මරණ පරීක්ෂකවරයකු මැදිහත් වී ගැටුම සමථයකට පත් කිරීමක් සම්බන්ධයෙන් පුවතක් සබරගමුව පළාතේ රෝහලකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 07 June 2025
බේත් ගන්න අරක්කු බෝතලයක් ගෙනත් බෙහෙත් ගේන්න ආයුර්වේද වෛද්‍යවරයකු ළඟට ගොස් එහි දමා තිබූ “බෙහෙත් ගැනීමට බෝතලයක් රැගෙන එන්න” පුවරුව දැක ගල් අරක්කු බෝතලයක් රැගෙන ගිය පුද්ගලයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය 07 June 2025
මිතුරාගේ සල්ලි කවරෙන් කා බී අමාරුවේ වැටිලා දෙපැත්තම බේරගෙන මිතුරා දුන් මුදල් කවරයෙන් මඟුල් ගෙදරින් බඩකට පුරා කාබී අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කතාවක් බලපිටියෙන් අසන්න ලැබේ. තිදෙනාම මිතුරෝ ය. ගජ මිතුරෝ ය. ගම් තුනක ය. මට්ටම් ද තුනක ය. එහෙත් මිතුරුකමට එයින් කිසිදු ප්‍රශ්නයක් නොවීය. මේ තිදෙනාගෙන් එකෙක් දළකාරයෙකි. යමක් කමක් ඇති අයෙකි. ඔහු හොඳ ව්‍යාපාරිකයෙකි. එක් අයකුගේ දුවකුගේ වැඩිවියට පත්වීම නිමිත්තෙන් උත්සවයක් චාමෙට නිවසේ සංවිධානය කොට තිබිණ. මිතුරන් දෙදෙනාට ද ඔහු ආරාධනා කළේය. එහෙත් යමක් 06 June 2025
කා බී පොලු තියා අතටම මාට්ටු වෙලා තමාගෙන් කාබී ඡන්දය වෙනත් අයකුට දුන් අයකු හඳුනා ගැනීමට දකුණු ලකේ පළාත් පාලන ආයතනයක නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ උත්සව අවස්ථාවේදී හැකිවූ පරාජිත අපේක්ෂකයකු පිළිබද කතාවකි මේ. ලෝස් නැති කොල්ලෙකි. හිත හොඳ එකෙකි. සිටියේ ගමේ කොල්ලන් එක්කය. මේ නිසාම එක් ප්‍රධාන පක්ෂයක් ඔහු එම කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළේය. 05 June 2025
මියගිය මවගේ සාරි ගන්න පොරකාලා මෙය බලංගොඩට නොදුරු එක්තරා ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි. ඇය වයෝවෘද්ධ මවකි. තම ස්වාමියා පුරුෂයා වසර ගණනාවකට පෙර මිය ගියේය. 04 June 2025
මැරෙන්න කලින් සුදු කොඩි දාලා සිය පාලන කාලයේ සිය සමිතියේ කාර්යක්ෂමතාව පෙන්වීමට ගිය අවමංගලාධාර සමිතියක කට්ටියකට කවදාවත්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 03 June 2025
මවගේ මිනී පෙට්ටියෙනුත් මාටියා ගහලා සිය මවගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා අලි අමාරුවක වැටුණු පුදුම පුතකු පිළිබද පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 02 June 2025
වැඩි තණ්හාවට ගිහින් දසඅතේ ණය වෙලා තමන් පමණක් බඩ වඩා ගත්තොත් ඇතැයි සිතා තනියම වැජඹෙන්නට ගිය මුදලාලියෙකුට යන එන මං නැති වූ පුවතක් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාවතේ ප්‍රසිද්ධ ජනාවාස නගරයකින් අසන්නට ලැබුණි. 31 May 2025
චරිත සහතිකෙන් තරු පෙනිලා බලංගොඩට නොදුරු එක්තරා ප්‍රදේශයක සිදුවු අපුරු සිදුවීමකි. හෙතෙමේ වයස අවුරුදු විස්සක විසි පහක වයසේ පසු වන්නෙකි. ඔහු කිසියම් රැකියාවකට අයැදුම් කළේය. ඒ සදහා ගමේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් සහතිකයක් අවශ්‍ය විය. මෙකී තරුණයා ළමා කාලයේ ගමේ දහම් පාසලට ගියේ නැත. විහාරස්ථානයේ වැඩවලටද උදව් වූයේ නැත. ඒ නිසා විහාරාධිපති හිමියන් සමග ලෙන්ගතු ඇසුරක් නොමැත. 30 May 2025
මධුසමයට කූඩුවේ ලගින්න වෙලා විවාහ වූ දිනයේ ම මධු සමය වෙනුවට මනමාලයාට පොලිස් කූඩුවේ ගත කිරීමට සිදුවූ පුවතක් ගිරිබාව පොලිසියෙන් වාර්තාවේ. 29 May 2025
සූර්පිට මළ බෙරෙන් බජව් වයලා අවසන් කටයුතු සඳහා මළ බෙර ගසන කණ්ඩායමක් මත්පැන් තොල ගෑමෙන් පසු මළ බෙර ගසනු වෙනුවට ගීතවල කොටස් වයමින් සිටියදී සිදුවූ ඇබැද්දියක් සබරගමුව පළාතෙන් වාර්තාවිය. එම ප්‍රදේශයේ ආසන්න ගමක මළ බෙර ගසන පිරිසක් සිටියහ. දන්න කියන පුද්ගලයෙක් බුලත් අතක් දී එම බෙර කණ්ඩායමේ නායකයාට ආරාධනා කළේය. 28 May 2025
ගායනා අඳෝනාවෙන් ජංජාලයයි බිරියගේ ගායනා පුහුණුව නිසා පොලිසියෙන් නිවසට පැමිණ බිරියට හා සැමියාට බැණ වැදී ගිය පුවතක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 27 May 2025
අවුරුදු බඩුමල්ලට මළ පැනලා ගම්පහ දිසාවේ ගම්මානයක වෙසෙන තරුණ යුවළකි. එක් දරුවෙක් මෙම යුවළට සිටි. තරුණ සැමියා බිරිඳත් හොඳ ව්‍යවසායකයන් සේ මුදල් හරි හම්බ කරන්නට දක්ෂය. 26 May 2025
තහනම් ගෙඩි කඩන්න ගිහින් ගෙදර දොර වැහිලා දෙදරු මවගේ නිවසේ දොර අසම්මත ආකාරයට විවෘත කරවා ගෙන සම්මත නිවසේ දොර සදහටම වසා ගත් හාදයෙක් පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. මිනිහා හීන් නූල් කාරයෙකි. තිදරු පියෙකි. හීන් නූලෙම එක පවුලක් නැත්තටම නැති කළේය. මිනිහා අලුත්ම තාලයේ හීන් නූලක් දැන් අඹරමින් සිටී. ඒ දෙදරු මවක සමගය. ඇයගේ නිවස තිබෙනුයේ දුරකය. මෙය ඔහුට වාසියටම සිටියේය. 24 May 2025
කළු කුමාරයා පන්නන්න ඇවිත් දුවත් අරන් මාරු අසනීපයකට ශාන්ති කර්මයක් කිරීමට පැමිණි යකැදුරා සමඟ තම දියණිය පැනයාම නිසා සතුටට පත්වූ මවක පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් පසුගියදා දැනගන්නට ලැබිණි. 28 හැවිරිදි එක්දරු මවක වූ එම දියණිය තම සැමියා අතහැර දමා තම මවගේ නිවසට පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරය. මනා රූ සපුවකින් හෙබි ඇය විළිබිය අඩු, කටකාර, තම රූ සපුව පිළිබඳව ආඩම්බරයෙන් පසු වූ කතකි. 24 May 2025
පච්චය අයින් කරන්න ගිහින් රෝහලේ ලැගලා ආරක්ෂක හමුදාවට එක්වීමට බාධාවක් වූ අතේ තිබූ පච්චයක් ඉවත් කිරීම සඳහා හඳුන්කූරක් ගෙන අත පුලුස්සා ගත් තරුණයෙකුට අතේ තුවාලය සනීප කර ගැනීම සඳහා දින ගණනාවක් රෝහලක ප්‍රතිකාර ලබන්නට සිදුවූ බව කියැවෙන පුවතකි. 24 May 2025
නෝනාගේ නුවණින් අලි අමාරුවෙන් බේරෙයි දුර සිටින බිරිඳගේ උත්තරෙන් සැමියා සේවය කරන ආයතනයේ දේපළ සොරුන්ගෙන් බේරාගත් පුවතක් හස්තිශෛලපුරවරයෙන් අසන්නට ලැබුණි විවාහක බිරිඳ තම දරුවන් සමඟ වාසය කරන්නේ ගම්බද පෙදෙසකය. සැමියා සේවය කරන්නේ උක්තපුරවර සීමාවේය. 24 May 2025
ප්‍රේම සම්බන්ධය නතර කරන්න ගිහින් ඉහ මොළ රත් වෙලා තම දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන තරුණයකුට එය නවත්වන ලෙසට තරුණියගේ පියා තදින් කළ ඉල්ලීමකට සාවධානව ඇහුම්කම් දී ඊට දෙපැත්තම බේරෙන නුවණක්කාර ප්‍රතිචාරයක් අදාළ තරුණයාගෙන් ලැබුණු පුවතක් පසුගිය දිනක බස්නාහිර පළාතේ ගමකින් අසන්නට ලැබුණි. 24 May 2025
බිරිද මාරු වී ජරමරයක් මැදිවියේ අඹු සැමි යුවළක් එම නිවසේ පදිංචිවී සිටියහ. බිරියගේ මිතුරියක පදිංචි වී සිටි නිවස තිබුණේ එම නිවසේ සිට කිලෝමීටර් අසූවක් පමණ දුර ප්රදේශයකය. රාජකාරි කටයුත්තක් සඳහා ඇයට පසු දින මුතූර් නගරයේ රජයේ කාර්යාලයකට යාමට සිදුවී තිබිණ. 24 May 2025
පගා දෙන්න ගිහින් හොඳවැයින් අහලා තම ගම් ප්‍රදේශය වෙත අලුතින් පත්ව ආ ග්‍රාම නිලධාරිවරයා බැහැ දකින්නට ගමේ ඒවායින් බෝතලයක් ද රැගෙන පැමිණි පුද්ගලයකුට ග්‍රාම නිලධාරියාගෙන් බැණුම් අසා ගෙනා බෝතලය ද රැගෙන ආපසු යන්නට සිදු වූ බව කියැවෙන පුවතකි. 23 May 2025
අමුතු වචනෙට සුද්ද සිංහලෙන් අමතලා ගුරුවරියක නොවන එක්තරා තරුණියක වෙත ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා යැවූ බාල වයස්කාර ගැහැනු ළමයකුට ඉගැන්වූ “අමුතු“ වචනයක් හේතුවෙන් කෝපයට පත්වූ ඇගේ මව ඇය වෙත ගොස් ශුද්ධ සිංහලෙන් ඇමතු බව කියන සිද්ධියක් අම්පාර දිස්ත්‍රික් මායිමේ පිහිටි කොළනි ප්‍රදේශයකින් වාර්තාවේ. 22 May 2025
මනාප හුටපටයට ඇයි හොඳයියත් නැතිවෙලා වෙනත් නිවසක පැවති තේ පැන් සංග්‍රහයකදී සිය නැන්දණිය තමාට ඡන්දය දී නැති බව සනාථ වී ඇය සමග එතෙක් මෙතෙක් පැවති සියලුම සබඳතා නවතා දැමූ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ බෑනා කෙනෙකු පිළිබඳව අපූරු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 21 May 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026