ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය 35 වැනි වසර සමරයි
ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය ජුනි 17 වැනි දා තම පෞඩ දිවියේ 35 වැනි වසරට පා තබයි. වසර 35ක් යනු දිගු කාලයකි. ඒ දිගු බව වඩාත් ගැඹුරු වෙන්නේ නොපුරුදු දේශයක සංකීර්ණ වාතාවරණයන් මැද්දේ, නොදන්නා භාෂාවක් ඇසුරු කරමින්, එකිනෙකට වෙනස් සංස්කෘතීන් දෙකක් සමඟ ගැටෙමින් ආපදා ව්‍යාධීන්ගෙන් තොරව ජීවිතය ජයගන්ට හැකිවීම හේතුවෙනි.