මිහිමත සිදුවන විශාලතම මිනිසුන් ඒකරාශිවීම ලෙස සැළකෙන ඉන්දියාවේ හින්දු බැතිමතුන්ගේ කුම්භමේලා සැණකෙළිය අද (15) ආරම්භ විය.

ඔවුහු ගංඟා, යමුනා, සරස්වතී ඇතුළු ශුද්ධවු ගංඟාවල ස්නානය කර පව් සෝදා ගැනීමේ චාරිත්‍රයේ නිරත ‍වෙති.

මිලියන ගණනක් ඉන්දියාවේ මිනිසුන් කුම්භමේලා සැණකෙළිය සඳහා සහභාගී වේ.

මෑතකදී මෙම සැණකෙළියේ නම ‘ප්‍රයාග්රාජ්’ ලෙස නම් කෙරිණි. මෙම සැණකෙළිය ඉන්දියාවේ නැගෙනහිර අලහබාද් නගරයේ දී පැවැත්වේ.

අලහබාද් නගරයේ ආරක්ෂාව සඳහා 30,000 ට ආසන්න පොලිසිය යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

බීබීසි ඇසුරෙනි

(28535)