පෘතුගීසි රාජ්‍ය සහ පෞද්ගලික සමාගම්වල සේවය සඳහා ආබාධිත පුද්ගලයන් බඳවා ගැනීමට නව නීති සම්පාදනය කර ඇත.
මෙම නව නීතියට අනුව පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන අතර එහිදී උපාධි සහිත ආබාධිත පුද්ගලයන් 60% කට වැඩි පිරිසකට රැකියා කිරීමේ අවස්ථාව උදාවෙති.
ශ්‍රම බළකාය 75 ත් 100 ත් අතර සේවකයින් සිටින මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ආබාධිත සේවකයන් අවම වශයෙන් 1% ක් බඳවා ගත යුතු අතර, ශ්‍රම බළකාය 100 කට වඩා වැඩි ව්‍යාපාර සඳහා ආබාධිත සේවකයන් අවම වශයෙන් 2% ක් බඳවා ගතයුත වේ.
නව නීතීන්ට අනුගත වීම සඳහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සඳහා අවුරුදු 5ක කාලයක්ද,විශාල සමාගම් සඳහා වසර හතරක කාලයක් ද ලබා දී ඇත.
මෑත වසරවලදී විරැකියාව සැළකිය යුතු ලෙස පහත වැටී තිබු අතර පෘතුගාලය මන්දගාමී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
මෙම නීතිය සම්පාදනය කරමින් ආබාධිතයන් රැකියාවලවල යෙදවීම රට තුළ ඇති රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස සැලකිය හැකිය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද? අපේ රටේ මොලේ ආබාධිත කට්ටිය කොච්චර රස්සාවල් කරනවාද පාර්ලිමේන්තුවේ? පළාත් සභාවල ප්‍රාදේශීය සභා ආදී තැන්වල...
පැසසිය යුතු කාරණයක්...
පෘතුගාලය විය යුතුය