ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව වේගයෙන් දිය වෙමින් පවතින බව ඇමෙරිකානු සහ නෙදර්ලන්ත විද්‍යාඥයින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
එය මීට වසර 40 කට පෙර තිබුණු තත්ත්වයට වඩා 6 ගුණයක වේගයෙන් දිය වෙමින් පවතින බව පර්යේෂකයන් සොයාගෙන ඇත.
මේ නිසා 1979 - 2017 අතර කාලයේ දී මුහුදේ ජල මට්ටම සෙන්ටිමීටර් 1.2 කට වඩා ඉහළ ගොස් ඇත.
1979 සිට 2001 අතර කාලයේදී දශකයක් තුළ වාර්ෂිකව දියවූ අයිස්වල සාමාන්‍යය ගිගාටොන් 48 ක් වේ.
එම සංඛ්‍යාව 2001 - 2007 අතර කාලයේදී ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර එය ගිගාටොන් 134 ක් ලෙස වාර්තා වේ. එය 280% ක ඉහළ අගයක් ගනී.
ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව බලපෑමට ලක්ව ඇති බවත්, ඒ නිසා සියවස් කිහිපයක් තිස්සේ මුහුදු මට්ටම ඉහළ යාමක් සිදු වී ඇති බවත් කැලිෆෝනියා විශ්ව විශ්ව විද්‍යාලයේ පෘථිවි පද්ධති විද්‍යාව පිළිබඳ මහාචාර්ය, එරික් රික්නොට් පැවසීය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd