ඉන්දියාවේ ඊසානදිග මෙගලයා පළාතේ ගල් අඟුරු පතලක පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිරවී සිටින සේවයන් 14දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර නාවුක හමුදා කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇත.
ආසන්නයේ පිහිටි ගංගාවක් පිටාර ගැලීම හේතුවෙන් පතලේ විවරය අවහිර වූ අතර පසුගිය දෙසැම්බර් 13වනදා සිට මොවුහු පතලේ සිරවී සිටිති.
මෙම සිරුර දියයට ගමන් කරන යාත්‍රාවක් මගින් මීටර් 48ක් පමණ ගැඹුරේ තිබී සොයාගෙන ඇති අතර නාවුක හමුදාව පවසන්නේ වෛද්‍යවරුන්ගේ ද උපදෙස් මත එය ගොඩට ගෙන ඒමට කටයුතු කරන බවයි. කෙසේ වුවද අනෙක් 13දෙනාට අත්වූ ඉරණම සම්බන්දව කිසිදු තොරතුක් මෙතෙක් වාර්තා වී නැත.
පතල හිස්කර සිරවී සිටින්නන් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ සඳහා 200ක පමණ කණ්ඩායමක් යොදවා ඇති බව පැවසේ.
මෙය නීති විරෝධීව කණින ලද පතලක් බවද මාධ්‍ය වාර්තාකර ඇත.
(බීබීසි ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගල් අගුරු පතලේ සිරවු ඉන්දිය ජාතිකයින් 14 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් හමු වෙයි
atthanayake Thursday, 17 January 2019 10:07 AM
තෙරුවන් සරණින් ගොඩබිමට එන්නට වාසනා බලය ලැබේවා!!!!!