IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මාලි රාජ්‍යයේ සටන්කාමී ප්‍රහාරයකින් 20 ක් මරුට

මාලි රාජ්‍යයේ ඊසාන දිග ප්‍රදේශයේ ජනාවාස දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සටන්කාමී ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙක් මියගොස් ඇත. 
 
නයිජර් දේශසීමාව අසලදී මෙම ප්‍රහාරය එල්ල වූ බව දේශීය මාධ්‍ය වාර්තා කරයි. 
 
මියගිය පිරිස අතර වැඩිහිටි පුද්ගලයින් සහ ගලවා ගැනීම් හමුදාවේ සාමාජිකයින් කිහිප දෙනෙක් සිටිති. 
 
මෙතෙක් ප්‍රහාරයේ වගකීම  කිසිදු තස්ත්‍රවාදී කණ්ඩායමක් විසින් බාරගෙන නොමැති බව වාර්තා වේ. 
 
 2012 දී සටන්කාමීන් විසින් මාලි රාජ්‍යයේ  උතුරු පළාතේ විශාල ප්‍රදේශ අල්ලා ගැනීම නිසා  රාජ්‍ය අස්ථාවර විය.
 
හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිට පක්ෂපාතී බලවේගයන්ගේ  ක්‍රියාකාරිත්වය සහ  ප්‍රංශයේ මැදිහත්වීම ද මෙම ගැටුම උග්‍රවිය. 
 
පසුගිය වසරේ සිට සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම ආරම්භවී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සිදුවීම් 100 ක් වාර්තා වී තිබේ.
 
(63226)



අදහස් (0)

මාලි රාජ්‍යයේ සටන්කාමී ප්‍රහාරයකින් 20 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1637 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site