මාලි රාජ්‍යයේ ඊසාන දිග ප්‍රදේශයේ ජනාවාස දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සටන්කාමී ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙක් මියගොස් ඇත.
නයිජර් දේශසීමාව අසලදී මෙම ප්‍රහාරය එල්ල වූ බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර වැඩිහිටි පුද්ගලයින් සහ ගලවා ගැනීම් හමුදාවේ සාමාජිකයින් කිහිප දෙනෙක් සිටිති.
මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිදු තස්ත්‍රවාදී කණ්ඩායමක් විසින් බාරගෙන නොමැති බව වාර්තා වේ.
2012 දී සටන්කාමීන් විසින් මාලි රාජ්‍යයේ උතුරු පළාතේ විශාල ප්‍රදේශ අල්ලා ගැනීම නිසා රාජ්‍ය අස්ථාවර විය.
හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිට පක්ෂපාතී බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වය සහ ප්‍රංශයේ මැදිහත්වීම ද මෙම ගැටුම උග්‍රවිය.
පසුගිය වසරේ සිට සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම ආරම්භවී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සිදුවීම් 100 ක් වාර්තා වී තිබේ.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd