යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යන්න තීරණය කෙරෙන ඡන්ද විමසීමට එක්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සූදානමින් සිටිති.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දින පහක් මුළුල්ලේ පැවැති විවාදයකින් පසුව මෙම ඡන්ද විමසීම පැවැත්වේ.
තම ගිවිසුමට සහාය දෙන්න නැතිනම් අවදානමක් ගෙන ඊට සහාය නොදෙමින් බ්‍රිතාන්‍ය ජනතාව අධෛර්යමත් කරන්න යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිනි තෙරේසා මේ මහත්මිය ප්‍රකාශ කළාය.
එහෙත් බ්‍රිතාන්‍ය අගමැතිනියගේම පක්ෂයේ පිරිසක් විපක්ෂය හා එක්ව ගිවිසුමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
බ්‍රිතාන්‍යයේ නීතිපති ජෙෆ්රි කොක්ස් අවසන් දිනයේ විවාදය ආරම්භ කළ අතර අගමැතිනි තෙරේසා මේ මහත්මිය විවාදය අවසන් කිරීමට නියමිතය.
විවාදය ලන්ඩන් වේලාවෙන් පස්වරු 6.30ට විවාදය අවසන් වීමට නියමිත අතර පස්වරු 7ට ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ගිවිසුමට සංශෝධන කිහිපයක් ද එකතුවීමට නියමිත අතර එයින් පසුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
බී.බී.සී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන තත්වේ හැටියට තෙරේසා පරදියි වගේ