ඉන්දුනීසියාවේ ජකර්තා වෙරළ තීරයට ඉකුත් ඔක්තෝබර් මාසයේ කඩා වැටුණූ ලයන් එයාර් ගුවන් යානයේ ‘කළු පෙට්ටිය’ හෙවත් ශබ්ද පටිගතකරණය සොයා ගත් බව ඉන්දුනීසියානු බලධරයෝ පවසති.
එහි ගමන් ගත් මගීන් 189 දෙනා මිය ගියේය. මෙලෙස අනතුරට ලක් වුයේ ජකර්තා අගනුවර සිට පැන්ග්කාල් පිනෑන්ග් දක්වා ගමන් ගත් බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයකි.
ගුවන් ගතකර මිනිත්තු කිහිපයකට පසුව ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමඟ තිබු සබඳතා බිඳ වැටී යානය මුහුදට කඩා වැටී තිබේ.
ගුවන් යානයේ ප්‍රධාන කොටස තවමත් සොයාගෙන නොමැති බව වාර්තා වේ. ජේටී 610 ගමන් අංක සහිත ගුවන් යානය ගුවන් ගමන අරඹා පැයකට පසු නිම වීමට නියමිතව තිබිණි.
වැඩිහිටි මගීන් 178 දෙනෙකු, ළමයකු, ළදරුවන් දෙදෙනෙකු, ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ගුවන් යානයේ සිටි බව ඉන්දුනීසියාවේ ජාතික ගමනාගමන ආරක්ෂක කමිටුව පවසයි.
(බීබීසි ඇසුරෙනි)
(28535)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd