කොංගෝ රාජ්‍යයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිදුවූ වාර්ගික ගැටුම් වලින් දින තුනක් ඇතුලත 890දෙනකු මියගොස් ඇති බවට වාර්තා ලැබී ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.
මෙහිදී 82 ක් පමණ තුවාල ලබා ඇති අතර නිවාස 465ක් ගින්නෙන් විනාශ වී ඇති බවද වාර්තා වේ.
යෙම්බි පළාතේ ගම්මාන හතරක වාසය කරන බනුනු සහ බැටෙන්ඩේ කණ්ඩායම් අතර මෙම ගැටුම් හටගෙන ඇත.
පසුගිය 30 වැනිදා පැවැත්වුණු කොංගෝ ජනාධිපතිවරණයේදී යොම්බි පළාතේ ඡන්ද විමසීමේ කටයුතු මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් කල් දැමීමට සිදුවිය.
මෙම මාරාන්තික ගැටුම් දෙසැම්බර් 16-18 අතර කාලයේ සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd