චීනය විසින්  සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් ලෝකයේ දිගම ත්‍රිමාණ ඒ දඩු පාලම ෂැන්හයි සුපිරි නගරයේ දී නිර්මාණය කර ඇත.
 
මීටර් 26 ක් දිගින් යුතු මෙම පාලම ඉදිකිරීමට පැය 450 ගතවී ඇති අතර මෙම ඉදිකිරීමට ඇමෙරිකානු  ඩොලර් මිලියන 2.8 ක් ආයෝජනය කර ඇත.
 
ෂැන්හයි නුවර වෙන්සාඕබාන්ග් ගංගාවේ ඇළ මාර්ගයක් හරහා උද්‍යානයකට ප්‍රවේශ වීමට මෙම පාලම ඉදිකර ඇත. 
 
එය සුයි රාජවංශයේ (581-618) සමයේ ඉදිකරන ලද  සාඕසොයු පාලමේ ආකෘතියක් ආකාරයට නිර්මාණ කර තිබීම විශේෂත්වය වෙයි.
 
සින්හුවා විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පීය පිළිබඳ මහාචාර්ය ෂූ වෙයිගුඕ ඇතුළු පිරිසක් විසින් මෙම ඉදිකිරීම සිදුකර ඇත.
 
සාම්ප්‍රදායික ඉදිකිරීමේ ක්‍රමයට වඩා  ලාභදායී කල් පවතින ඉදිකිරීමක් බව මහාචාර්ය ෂූ වෙයිගුඕ පැවසීය. 
 
පාලමේ විවෘත කිරීමේ උත්සවය සඳහා ආරාධිත අමුත්තන් 100 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
 
(63226)

https://gbtimes.com/china-opens-its-first-3d-printed-footbridge-in-shanghai