කෙන්යාවේ නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි ‘ඩුසිට්ඩී2’ හෝටලයට මෙම ප්‍රහාරය එල්ල වූ අතර වෙඩි හඬ හා පිපිරුම් හඬ ඇසුණු බව බව එරටින් ලැබෙන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සෝමාලියාව පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් වන ‘අල් ෂෙබාබ්’ සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරේ. තුවක්කු රැගත් සිවුදෙනකු හෝටල් සංකීර්ණය ඇතුළු වූ බව ඇසින් දුටුවෝ පවසති.
කෙන්යාවේ වේලාවෙන් පස්වරු 3ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
“මට වෙඩි හඬ ඇහුණා. එතකොට මං දැක්කා සමහරු අත් උස්සගෙන දුවනවා. සමහරු බැංකුවේ හැංඟ-ුණා” යැයි ඒ ආසන්නයේ සිටි කාන්තාවක උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
බී.බී.සී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙන්යාවේ සුඛෝපභෝගී හෝටලයකට ප්‍රහාරයක්