කෙන්යාවේ නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. 

කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි ‘ඩුසිට්ඩී2’ හෝටලයට මෙම ප්‍රහාරය එල්ල වූ අතර වෙඩි හඬ හා පිපිරුම් හඬ ඇසුණු බව බව එරටින් ලැබෙන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

සෝමාලියාව පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් වන ‘අල් ෂෙබාබ්’ සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරේ. තුවක්කු රැගත් සිවුදෙනකු හෝටල් සංකීර්ණය ඇතුළු වූ බව ඇසින් දුටුවෝ පවසති.

කෙන්යාවේ වේලාවෙන් පස්වරු 3ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

“මට වෙඩි හඬ ඇහුණා. එතකොට මං දැක්කා සමහරු අත් උස්සගෙන දුවනවා. සමහරු බැංකුවේ හැංඟ-ුණා” යැයි ඒ ආසන්නයේ සිටි කාන්තාවක උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

බී.බී.සී. ඇසුරිනි

055