කෙන්යාවේ නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි ‘ඩුසිට්ඩී2’ හෝටලයට ඊයේ (15) පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ල විය.
සෝමාලියාව පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් වන ‘අල් ෂෙබාබ්’ සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටින බව සැක පළ කරයි.
තුවක්කු රැගත් සිවුදෙනකු හෝටල් සංකීර්ණය ඇතුළු වූ බව ඇසින් දුටුවෝ පවසති.
ප්‍රහාරය අවසන් වූ නමුත් අද (16) උදෑසන ද වෙඩි හඬවල් හා පිපිරිම් සිදුවූ බවත් හෝටලය අවට ආරක්ෂාව තරකර ඇති බවත් බලධරයෝ පවසති.
බීබීසි ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd