IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කහ කබාකරුවන්ට එරෙහිව අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල නිරතවන කහ කබාකරුවන්ට එරෙහිව පළමු වතාවට අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිතා  කිරීමට කැරලි මර්දන පොලීසිය යොදවා ඇත.
 
උද්ඝෝෂණයේ නිරතවන නිරායුද ප්‍රංශ පුරවැසියන්ට එරෙහිව අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිතය තුළින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අර්බුද විසදීමේදී නීතිය සහ අණකිරීම් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පෙන්නුම් කෙරේ.
 
සජීවී උණ්ඩ 30 ගබඩා කළ හැකි ස්වයංක්‍රීය ගිනි අවි සහිත පොලිස් නිළධාරීන් 5000ක් පමණ ප්‍රංශයේ අගනුවර  වීදිවල ආරක්ෂාව සඳහා යොදවා ඇත.  
 
තුවක්කු සහිතව සිටි කැරලි මර්දන පොලිස් නිලධාරීන්  හිස් ආවරණ සහ ශරීර ආවරණ පැළඳ සිටින බවත් ඔවුන් විශේෂිත ගිනිඅවි ඒකකයක් නොවන බවත් කහකබා විරෝධකරුවෙක් පැවසීය. 
 
පොලිසියට පහර දෙන්න විරෝධතාකරුවන් වෙනුවෙන් ගිනිඅවි භාවිතා කරන බව  ප්‍රංශ රජයේ  හිටපු කොන්සවේටිව් ඇමැතිවරයෙක් ලූක් ෆෙරී  කීය.
 
ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළකරමින් මූලික වශයෙන් ආරම්භ වූ විරෝධතා වලට මේ වනවිට ප්‍රංශය පුරා පැතිර ඇති අතර විරෝධතාකරුවන් මර්දනය කිරීමට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇත. සෙනසුරාදා දිනයේද පැරිසියේ ප්‍රධාන නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා දැක්වූ පිරිසකට පොලිසිය පහර දී ඇත.
 
“මට තේරුම් ගන්න බැහැ, අපි දන්නේ නෑ. මෙම ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට පොලීසියට බාර දුන්නාද කියලා?“ විරෝධතාකරුවන්ට එරෙහිව අර්ධ ස්වයිංක්‍රීය ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් පූර්ණ කාලීන දාර්ශනිකයෙක් නව ෆෙරී  කීවේය.
 
මේ වන විට විරෝධතා ප්‍රංශ පුරාම ආණ්ඩු විරෝධතාකරුවන් මර්දනය කිරීමට විවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරයි.
 
 
(63226)
 



අදහස් (0)

කහ කබාකරුවන්ට එරෙහිව අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site