ඔස්ට්‍රියාවේ ලෙච් ඇම් ආර්ල්බර්ග් ප්‍රදේශයේ සිදුවූ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් ජර්මානු ජාතිකයන් තිදෙනකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 
 
පොලිසිය පවසන්නේ මොවුන් සිව්දෙනා හිම ක්‍රීඩාවේ යෙදීම සඳහා ගොස් ඇති බවයි.
 
ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් ප්‍රදේශයේ පසුගිය සතිය පුරා දැඩි හිම පතනයක් පැවතුණ අතර කඳුකර මාර්ග බොහොමයක් හිමෙන් වැසී තිබුණු බව මාධ්‍ය වාර්තා කර ඇත. 
 
අනතුරු ඇඟවීම් සහ රතු නිවේදන නිකුත් කර තිබුණද ඒවා නොතකා කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි අනතුරු සිදුවන බව පොලිසිය සඳහන් කර ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)