IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණයට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ ක්‍රමයක්

කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින්  දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීමට චින පර්යේෂකයන් පිරිසක් සමත් වී ඇත. 
 
දියවැඩියා රෝග නිධානය හා රෝග විනිශ්චය මත පදනම් වූ දැනට භාවිත දියවැඩියා වර්ග කිරීමේ ක්‍රමය වසර 20කට අධික කාලයක් තිස්සේ භාවිත කර ඇත. 
 
පර්යේෂකයන් විසින් හදුන්වා දුන් මෙම නව වර්ග කිරීම මගින් රෝගීන්ට වඩාත් නිශ්චිත ප්‍රතිකාර ලබා ගත හැකිවේ.
 
දියවැඩියා රෝගයෙන් පෙළුණු චීන ජාතිකයින් 2,316 ක් සහ ඇමෙරිකානුවන් 815 දෙනෙකුගේ දත්ත  යොදා ගනිමින් මෙම පර්යේෂණ සිදු කර ඇත. 
 
පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය චීන සහ ඇමෙරිකානු ජාතිකයින් තුළ මූලිකව ස්ථාවරව පවතින උප වර්ග හතරක ප්‍රධාන සායනික ලක්ෂණ හඳුනාගෙන ඇත.
 
“අපි බලාපොරොත්තු වෙනවා අපේ පර්යේෂණයෙන් නිවැරදි දත්ත යොදාගනිමින් චීන ජනතාවට දියවැඩියාව ප්‍රතිකාර ලබා ගැනීමට සහය වීමට“ පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයෙක් පැවසුවේය.  
 
 මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල තුළින් දියවැඩියා රෝගීන් වඩාත් නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකියාව ලැබේ.
 
 
(63226)
 



අදහස් (0)

දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණයට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site