කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීමට චින පර්යේෂකයන් පිරිසක් සමත් වී ඇත.
දියවැඩියා රෝග නිධානය හා රෝග විනිශ්චය මත පදනම් වූ දැනට භාවිත දියවැඩියා වර්ග කිරීමේ ක්‍රමය වසර 20කට අධික කාලයක් තිස්සේ භාවිත කර ඇත.
පර්යේෂකයන් විසින් හදුන්වා දුන් මෙම නව වර්ග කිරීම මගින් රෝගීන්ට වඩාත් නිශ්චිත ප්‍රතිකාර ලබා ගත හැකිවේ.
දියවැඩියා රෝගයෙන් පෙළුණු චීන ජාතිකයින් 2,316 ක් සහ ඇමෙරිකානුවන් 815 දෙනෙකුගේ දත්ත යොදා ගනිමින් මෙම පර්යේෂණ සිදු කර ඇත.
පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය චීන සහ ඇමෙරිකානු ජාතිකයින් තුළ මූලිකව ස්ථාවරව පවතින උප වර්ග හතරක ප්‍රධාන සායනික ලක්ෂණ හඳුනාගෙන ඇත.
“අපි බලාපොරොත්තු වෙනවා අපේ පර්යේෂණයෙන් නිවැරදි දත්ත යොදාගනිමින් චීන ජනතාවට දියවැඩියාව ප්‍රතිකාර ලබා ගැනීමට සහය වීමට“ පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයෙක් පැවසුවේය.
මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල තුළින් දියවැඩියා රෝගීන් වඩාත් නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකියාව ලැබේ.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd