කාළගුණයේ අනිසි බලපෑම් හේතුවෙන් උතුරු ඉන්දියාවේ 48ක් මරුට ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ අකුණු ගැසීම්, ගස් හා තාප්ප කඩා වැටීම හේතුවෙන් පසුගිය දින දෙක තුල 48දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 30 May 2018
බෙල්ජියමේ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරිනියෝ දෙදෙනෙක් මරුට බෙල්ජියමේ නැගෙනහිර ලීග් නගරයේදි තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ 29 May 2018
ට්‍රම්ප්-කිම් ජොන්ග් හමුවට දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් එන ලකුණු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් අතර ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත හමුවට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ද සහභාගී වීමට ඉඩ ඇතැයි දකුණු බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ. 29 May 2018
ඇෆ්ගන් මෙහෙයුමක් අතරවාරයේ සිවිල් වැසියන් 9 ක් මරුට ඇෆ්ගන් ආරක්ෂක අංශ එරට නැගෙනහිර පළාතක් වන නන්ගර්හාර් හී කරන ලද මෙහෙයුමක් අතරවාරයේ දී සිවිල් වැසියන් නවදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ. 29 May 2018
සිරියා දකුණු දේශසීමාවේ සිටිය යුත්තේ එරට හමුදා බලඇණි පමණක් බව රුසියාව කියයි සිරියාවේ දකුණු දේශසීමාවේ සිටිය යුත්තේ එරට හමුදා බලඇණි පමණක් යැයි රුසියාව අද, සඳුඳා (28) ප්‍රකාශ කළේය. 29 May 2018
හිටපු බුද්ධි අංශ ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීමට පාකිස්තාන හමුදාවෙන් විශේෂ පියවර පාකිස්තාන බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීම සඳහා එරට හමුදාව අද, සඳුඳා (28) මීට පෙර නොගත් පියවර කිහිපයක් ගත්තේය. 29 May 2018
උතුරු කොරියානු නායකයාගේ ඉහළ නිලධාරියෙක් සිංගප්පූරුවට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ ඉහළ නිලධාරියකු සඳුඳා, එනම් ඊයේ (28) රාත්‍රියේ සිංගප්පූරුවට පැමිණ ඇතැයි ජපානයේ රාජ්‍ය විකාශන ආයතනය වන ‘එන්.එච්.කේ’ පුවත් සේවය අද (29) වාර්තා කළේය. 29 May 2018
උගන්ඩාවේ බස් අනතුරකින් 22 ක් මරුට උගන්ඩාවේ උතුරු ප්‍රදේශයේ කිර්යන් ඩොංගෝහි මාර්ගයක ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් දරුවන් තිදෙනකු ඇතුළු 22ක් මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 27 May 2018
කොංගෝ රාජ්‍යයේ බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් මියයති කොංගෝ රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ගංගාවක ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බෝට්ටුවේ සියයකට අධික පිරිසක් ගමන් කර ඇති බවත් එයින් 50කගේ පමණ ජීවිත බේරා ගත් බවත් පොලිසිය පවසයි. යාත්‍රාව මොන්කොටො සිට මබැන්ඩකා දක්වා ගමන් කරමින් තිබී ඇත. 25 May 2018
මයික්ට ඉරානයේ විරෝධය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉරානයට දැඩි සම්බාධක පනවන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඉරානයෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 23 May 2018
දකුණු කොරියා මාධ්‍යවේදීන්ට උතුරු කොරියාවට යන්න අවසර තම වාර්තාකරුවන්ට උතුරු කොරියාවට ගමන් කිරීමට අවසර ලැබුණු බව දකුණු කොරියාව අද (23) නිවේදනය කළේය. 23 May 2018
නිපා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ 10ක් මරුට ප්‍රතිකාර නොමැති මාරක වයිරසයක් වන නිපා නැමැති වයිරසය හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දස දෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ. 23 May 2018
තමිල්නාඩු විරෝධතාවයේ කලහයෙන් නවයක් මරුට ඉන්දියාවේ තම්ල්නාඩු ප්‍රාන්තයේ විරෝධතාවක යෙදුනු පුද්ගලයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමහේතුවෙන් නවදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 22 May 2018
ට්‍රම්ප්-කිම් ජොන්ග් හමුව වෙනුවෙන් සමරු කාසියක් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන්ගේ හමුව නිමිත්තෙන් ධවල මන්දිර සන්නිවේදන ආයතනය සමරු කාසියක් ප්‍රකාශයට පත් කර තිබේ. 22 May 2018
කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ ගොස් 65 ක් මරුට පකිස්ථානයේ කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් 65 දෙනකු පමණ මිය ගොස් ඇතැයි වාර්තා වේ. 22 May 2018
‘නීෆා‘ වෛරසයෙන් කේරළයේ 9 ක් මරුට මාරාන්තික නිෆා වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. 22 May 2018
ඇමෙරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීම් ඉරානයට ඉදිරියේ දී දැඩි සම්බාධක පනවන බවට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන් අනතුරු අඟවයි. 22 May 2018
ඩැමැස්කම් අගනුවර බලය සිරියා හමුදා අතට ඩැමැස්කම් අගනුවර වටා පිහිටි සියලු ප්‍රදේශවල බලය තහවුරු කර ඇතැයි සිරියානු හමුදාව අද, සඳුඳා (21) ප්‍රකාශ කළේය. 21 May 2018
පලස්තීන ජනපති රෝහල්ගත කෙරේ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් රෝහල් ගත කර ඇතැයි එරට බලධාරියෙක් අද (20) අනාවරණය කළේය. පසුගිය සතියේදී කරන ලද ශල්‍යකර්මයකට පසු ඇති වූ සුළු සංකූලතාවක් හේතුවෙන් පලස්තීන ජනාධිපතිවරයා මෙලෙස රෝහල් ගත කර ඇතැයි එම බලධාරියා පැවැසීය. ජනාධිපති මහමූද් අබ්බාස් රෝහල් ගත කර ඇත්තේ බටහිර ඉවුරේදීය. 20 May 2018
න්‍යෂ්ටික අවි අතහැරියොත් කිම් ජොන්ට බලයේ සිටිය හැකි බව ට්‍රම්ප් කියයි න්‍යෂ්ටික ආයුධ අත්හැරිය හොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට දිගටම බලයේ රැඳි සිටිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 18 May 2018
මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසින් රන් ආභරණ ඇතුළු පෙට්ටි 284 ක් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ පෞද්ගලික නිවසක තිබී ආභරණ සහ මුදල්වලින් පිරුණු අත්බෑග් සහ මෝස්තර සහිත අත්බෑග් ඇතුළු පෙට්ටි 284ක් පොලිස් භාරයට පත්ව ඇතැයි වාර්තා වේ. 18 May 2018
මැලේසියාවේ හිටපු අගමැතිට සම්බන්ධ ස්ථාන පහක් පොලිස් පරීක්ෂාවට මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට සම්බන්ධ බව කියන ස්ථාන පහක් ඊයේ (16) සහ අද, බ්‍රහස්පතින්දා (17) පොලිස් පරීක්ෂාවට ලක්ව ඇතැයි වාර්තා වේ. 17 May 2018
සිරියා ප්‍රහාරයට ක්ලෝරීන් වායුවත් යොදා ගෙන ඉකුත් පෙබරවාරි මාසයේදී සිරියාවේ සරාකෙබ් නගරයට එල්ල කරන ලද ප්‍රහාරයකදී රසායනික අවියක් ලෙසින් ක්ලෝරීන් භාවිත කර ඇතැයි රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය අද (16) අනාවරණය කළේය. 16 May 2018
ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටී 18 ක් මරුට ඉන්දියාවේ වාරණාසි නගරයේ ඉදිකරමින් පවතින ගුවන් පාලමක් කඩාවැටීමෙන් 18 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 May 2018
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම තම න්‍යෂ්ටික අවි ආයුධ එකතුව අත්හරින්නැයි බලපෑම් කළහොත් තම නායක කිම් ජොන්ග් උන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව අවලංගු කරන්නේ යැයි උතුරු කොරියාව අද (16) අනතුරු ඇඟවීය. 16 May 2018
දේශපාලන නායක අන්වර් ඊබ්‍රහීම්ට රාජ නිදහස මෛථුන්‍යය චෝදනාවලට වරදකරු වූ සිර දඬුවම් විඳිමින් සිටි මැලේසියාවේ විපක්ෂ නායකයකු වන අන්වර් ඊබ්‍රහීම් අද (16) රාජ නිදහස ලැබීය. 16 May 2018
සාමය ගැන කතා කරන්න කොරියා ඉහළ නිලධාරීහු හෙට රැස්වෙති කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් උතුරු හා දකුණු කොරියා නිලධාරීන් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට (16) පැවැත්වීමට නියමිත යැයි දකුණු කොරියාව අද (15) නිවේදනය කළේය. 15 May 2018
බටහිර බෙංගාලයේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවලින් 5 මරුට ඉන්දියාවේ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වෙන බටහිර බෙංගාලයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්ව හේතුවෙන් පස් දෙනකු මියගොස් 12දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද තහවුරු නොකල ආරංචි මාර්ග පවසන්නේ මෙම ගැටුම් වලින් 10දෙනකු පමණ මියගොස් ඇති බවයි. 14 May 2018
ඇමෙරිකාව මැද පෙරදිග මැදිහත්කරුවකු නොවෙයි - තුර්කි ජනාධිපති ඇමෙරිකා එක්සත් ජනපදයට තවදුරටත් මැද පෙරදිග අර්බුදයේ මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට නොහැකි යැයි තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් පවසයි. 14 May 2018
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026