ඉරාක ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් විසින් බටහිර සිරියාවට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුවාල ලැබු හමුදා සෙබළුන් දෙදෙනාව හෙලිකොප්ටරයකින් පිටත් කර යැවූ බව නීරික්ෂණාගාර අධ්‍යක්ෂක අබ්දුල් රහුමාන් මහතා පැවසීය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බ්‍රිතාන්‍යය විශේෂ කාර්ය බළකායේ අයත් සෙබළු දෙදෙනෙකි.
සිරියාවේ සිටින ඇමෙරිකානු සෙබළුන් ඉවත් කර ගන්නා බව ඉකුත් දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවසීය.
වර්ෂ 2011 දී ආරම්භ වූ සිරියානු යුද්ධයෙන් 370,000 කට අධික පිරිසක් මියගොස් මිලියනයක් පමණ ජනයාට තම නිවෙස් අතහැර යාමට බලකර කෙරිණි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd