තායිලන්තයේ දින 7 ක් තුළ සිදුවූ මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 463 දෙනෙකු මියගොස් 4000 ක් පමණ තුවාල ලබා ඇතැයි එරට බලධරයෝ පවසති.
ඉකුත් දෙසැම්බර් 27 වැනි දා සිට ජනවාරි 2 වැනි දා දක්වා අතර කාල සීමාව තුළ මෙම අනතුරු සිදුවී තිබේ.
පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මේ වසරේ අලුත් අවුරුදු සමයේ සිදුවූ අනතුරු ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව වාර්තා වෙයි.
ජනවාරි 01 වැනි දා පමණක් මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 89 දෙනෙකු පමණක් මිය ගොස් 700 දෙනෙකු තුවාල ලැබු බව තායිලන්ත ආපදා වැළැක්වීමේ හා අවම කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
සියලු මාර්ග අනතුරු වලින් 80 % පමණ මෝටර්සයිකල් හා රටේ ජනප්‍රිය වාහන වලින් සිදුවූ අනතුරු වේ.
අල්ජසීරා ඇසුරෙනි
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd