ඉබෝලා වෛරසය වැළදීම හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයන් 368 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
තවත් පුද්ගලයන් 608 දෙනෙකුට ඉබෝලා වෛරසය වැළඳී තිබෙන සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ව්‍යාප්ත වූ මෙම වෛරසය මේ වන විට කොංගෝ රාජ්‍යයේ ප්‍රදේශ රැසක් පුරා පැතිරී තිබේ. මෙම වෛරසය නැති කිරිමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති එරට රජය පවසයි.
ඊට අමතරව පුද්ගලයන් 29 දෙනෙකුට ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බව සැක පළ කරන බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් වෛද්‍යවරු පවසති.
ඉබෝලා වෛරසයෙන් පුද්ගලයන් 207 දෙනෙකු සුවය ලබා ඇති බව කොංගෝ රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
2014 වර්ෂයේ දී බටහිර අප්‍රිකාවෙන් මෙම වසංගත රෝගී තත්ත්වය ආරම්භ වී තිබේ.
මෙම වෛරසය වැළදීමෙන් 11,000 ට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd