සෞදි අරාබියේ කාන්තාවන්ට සිය දික්කසාදය පිළිබඳ නව රෙගුලාසියක් ගෙන ඒමට එරට අධිකරණය තීරණය කර තිබේ.
මෙම නව නීතිය මගින් කාන්තාවන් දික්කසාදය පිළිබඳව නොදැන සිටීම වැළැක්වීමට කටයුතු කර ඇත. මේ මගින් යම් කාන්තාවක් දික්කසාදය ඉල්ලු විට එය තහවුරු කර අධිකරණය මගින් අදාළ කාන්තාවගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මගින් දන්වනු ලැබේ.
මෙතෙක් ඔවුන්ගේ සැමියන්,බිරිඳට නොදන්වා අධිකරණයෙන් දික්කසාදය ලබාගැනීමට හැකියාව තිබිණි.
අදින් පටන් රහස් දික්කසාදය අවසන් වන බව නීතිවේදීයෝ පවසති.
පසුගිය වසරේ දී සෞදි කාන්තාවන්ට වාහන පැදවීමට පැනවූ තහනම ද ඉවත් කෙරිණි. කෙසේ වෙතත් සෞදි කාන්තාවන් තවමත් පුරුෂ භාරකාරත්ව නීතිවලට යටත්ව වේ.
මෙය මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් සිදුකරන ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වල නව පියවරක් ලෙස සළකනු ලැබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd