ඇෆ්ගනිස්ථානයේ උතුරු පළාතේ ආරක්ෂක අංශ මුරපොළවලට තලේබාන්වරුන් එල්ල කළ ප්‍රහාර වලින් ආරක්ෂක අංශ 23 දෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සඳුදා (31) සවස් යාමයේ දී පැය කිහිපයකට ආසන්න කාලයක් පුරාවට දරුණු තුවක්කු ප්‍රහාර එල්ල විය.

සයාඩ් දිස්ත්‍රික්කය හා පළාත් අගනුවර හැර සාර් - ඉ - පුල් නගරයට මෙම ප්‍රහාර එල්ල කළ බව පළාත් සභා ප්‍රධානී මොහොමඩ් නුර් රහමානි මහතා පැවසීය. 

ඇෆ්ගනිස්ථාන ඔත්තු ඒජන්සියේ ඉහළ පෙලේ පළාත් නිලධාරීයෙක්, ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් සහ යුද හමුදාවේ හමුදාපතිවරයෙක් මියගිය අතර සිටින බව පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් අසීෆ්  මහතා පුවත් ඩීපිඒ පුවත් සේවයට පවසා තිබේ.
 
(28535)