සෞදි අරාබියේ තරුණ කාන්තාවක් තම රටට පිටුවහල් කිරිම ප්‍රතික්ෂේප කරමින් බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හෝටල් කාමරයකට වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය රාවුෆ් මොහොමඩ් අල් කුනුන් නැමැති 18 හැවිරිදි තරුණියකි. තම පවුලෙන් පලා යාමට තැත්කරන බව ඇය පවසන්නීය.
ඇයගේ පවුලේ උදවිය සිටින කුවේටයට යැවීමට තායි ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය වී තිබේ.
ඇයගේ පවුලේ සාමාජිකයෝ කුවේට්හි වාසය කරති. බැංකොක් ගුවන්තොටුපලෙන් කුවේට් බලා අද (7) පිටත් විමට තිබු ගුවන් යානයට යෑමට ද ඇය ප්‍රතික්ෂේප කළාය.
‘මගේ සහෝදරයා , පවුලේ උදවිය සහ සෞදි තානාපති කාර්යාලය මා එනකම් කුවේටයේ බලා සිටිනවා’ යැයි ඇය රොයිටර් පුවත් සේවයට කීවාය.
‘ඔවුන් මාව මරයි. මගේ ජිවිතය අනතුරේ. මගේ පවුලේ අය ඉතාමත් සුළු කාරණයක දී පවා මට මරණ තර්ජන කරනවා’ වැනි දෑ ඇය පැවසුවාය.
ඇයගේ සුබසාධනය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානය දැඩි කනස්සල්ල පල කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය හමුවී සරණාගතභාවය ප්‍රකාශ කිරිමට අවසර දෙන තුරු කාමරයෙන් පිටත නොපැමිණෙන බව ඇය පවසා තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය කෙලීව අපේ ගෙදරට ගෙනත් ඇරලපල්ලා.
අනේ ඔය ළමයව යවන්න එපා... අර මාධ්‍යවේදියාට කරපු දේ දැක්කා නේද?