සෞදි අරාබියේ තරුණ කාන්තාවක් තම රටට පිටුවහල් කිරිම ප්‍රතික්ෂේප කරමින් බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හෝටල් කාමරයකට වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය රාවුෆ් මොහොමඩ් අල් කුනුන් නැමැති 18 හැවිරිදි තරුණියකි. තම පවුලෙන් පලා යාමට තැත්කරන බව ඇය පවසන්නීය.
ඇයගේ පවුලේ උදවිය සිටින කුවේටයට යැවීමට තායි ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය වී තිබේ.
ඇයගේ පවුලේ සාමාජිකයෝ කුවේට්හි වාසය කරති. බැංකොක් ගුවන්තොටුපලෙන් කුවේට් බලා අද (7) පිටත් විමට තිබු ගුවන් යානයට යෑමට ද ඇය ප්‍රතික්ෂේප කළාය.
‘මගේ සහෝදරයා , පවුලේ උදවිය සහ සෞදි තානාපති කාර්යාලය මා එනකම් කුවේටයේ බලා සිටිනවා’ යැයි ඇය රොයිටර් පුවත් සේවයට කීවාය.
‘ඔවුන් මාව මරයි. මගේ ජිවිතය අනතුරේ. මගේ පවුලේ අය ඉතාමත් සුළු කාරණයක දී පවා මට මරණ තර්ජන කරනවා’ වැනි දෑ ඇය පැවසුවාය.
ඇයගේ සුබසාධනය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානය දැඩි කනස්සල්ල පල කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය හමුවී සරණාගතභාවය ප්‍රකාශ කිරිමට අවසර දෙන තුරු කාමරයෙන් පිටත නොපැමිණෙන බව ඇය පවසා තිබේ.
(28535)
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි තරුණිය ගෙදර යාම ප්‍රතික්ෂේප කරයි
aththanayaka Monday, 07 January 2019 10:54 AM
අනේ ඔය කෙලීව අපේ ගෙදරට ගෙනත් ඇරලපල්ලා.
sampath Monday, 07 January 2019 12:35 PM
අනේ ඔය ළමයව යවන්න එපා... අර මාධ්‍යවේදියාට කරපු දේ දැක්කා නේද?