IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් හැරල්ඩ් බ්‍රවුන් අභාවප්‍රාප්ත වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජිමි කාටර්ගේ පාලන සමයේදී එරට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ හැරල්ඩ් බ්‍රවුන් අභාවප්‍රාප්ත වී ඇත. 
 

හැරල්ඞ් බ්‍රවුන් එම කාලයේදී සෝවියට් පාලනය සමඟ ප්‍රධාන පෙළේ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. 
 
හැරල්ඩ් බ්‍රවුන් මිය යනවිට 91 වැනි වියේ පසුවිය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශාල සහ සංකීර්ණ සන්නද්ධ සේනාවල පාලනය හෙබ වූ පළමු විද්‍යාඥයා වන්නේ ද හැරල්ඞ් බ්‍රවුන්ය. 
 
භෞතික විද්‍යාඥයකු වූ හැරල්ඞ් බ්‍රවුන් තම පළමු උපාධිය වයස අවුරුදු 18 දී ලබාගත් අතර වයස අවුරුදු 22 සම්පූර්ණ වනවිට ආචාර්ය උපාධිය නිම කළේය. 
 
න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම සඳහා තම වෘත්තීය දිවිය සම්පූර්ණයෙන්ම කැප කළ බ්‍රවුන් පසුකාලීනව ඒවා පාලනය කිරීම සඳහා  මහත් පරිශ්‍රමයක් දැරීය. මිය යන අවස්ථාව වනවිටත් හෙතෙම ‘බුද්ධි මණ්ඩලයකට’ සම්බන්ධ වී සිටියේය. 
 
හෙතෙම මියගොස් ඇත්තේ අග්න්‍යාශයේ ඇති වූ පිළිකාවකින් යැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළ අතර අභාවය සිදුව ඇත්තේ සිකුරාදා (4)ය.  
 
බ්‍රවුන් තම අවසාන කාලයේදී “රෑන්ඞ් කෝපරේෂන්” නැමැති බුද්ධි මණ්ඩලයට දායකත්වය ලබාදුන් අතර මිය යන මොහොත තෙක්ම හෙතෙම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළේය. රජයේ මූල්‍ය ආධාරවලින් ක්‍රියාත්මක වන “රෑන්ඞ් කෝපරේෂන්” බුද්ධි මණ්ඩලය පර්යේෂණ හා විශ්ලේෂණ ආයතනයකි. 
 
“ඔහුට පෙර සිටි සෑම ආරක්ෂක ලේකම්වරයකුටම වඩා හොඳින් හැරල්ඞ් බ්‍රවුන් නූතන යුද සංග්‍රාමවල අනතුර භයානක බව සහ තාක්ෂණය සහ එහී සංකීර්ණ බව දැනගෙන හිටියා” යැයි “රෑන්ඞ් කෝපරේෂන්” හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ඩී. රිච් පැවැසීය.
 
“ඒ වගේම ජාතියේ ආරක්ෂාව සහ විද්‍යා ක්ෂේත්‍රයේ වෙනුවෙන් ඔහු විශාල සේවයක් ඉටු කළා. ඔහු අධ්‍යාපනඥයෙක්. ඒ වගේම පොත් ගණනාවක් ලියූ කතුවරයෙක්” යැයි මයිකල් ඩී. රිච් කීය. 
 
හැරල්ඞ් බ්‍රවුන් පෙන්ටගනයේ ප්‍රධානියා, එසේත් නැතිනම් ආරක්ෂක ලේකම්වරයා බවට පත්වූයේ 1977 වසරේදීය. හෙතෙම 1981 වසරේදී එයින් ඉවත් විය. 
 
ඉරානයේදී ප්‍රාණ ඇපයට ගත් ඇමෙරිකා ජාතිකයන් බේරා ගැනීමට කළ සන්නද්ධ මෙහෙයුමට සැලසුම් කිරීමට බ්‍රවුන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සම්බන්ධ විය. එම මෙහෙයුම අසාර්ථක වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද සෙබළුන් 8 දෙනෙකුට ජීවිත අහිමි විය.
මෙය සිදුවූයේ 1980 අප්‍රේල් මාසයේදීය. ප්‍රාණ ඇපයට ගත් ඇමෙරිකා ජාතිකයන් බේරා ගැනීමට කළ මෙහෙයුම අසාර්ථක වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිනාමය අඩු වීමට ද හේතුවිය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් කිහිපදෙනකුම යටතේ තනතුරු හෙබ වූ හැරල්ඞ් බ්‍රවුන් 1969 සිට 1977 දක්වා කාලයේදී ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයක් වන ‘කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ’ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. 
 
ඊට පෙර හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ලේකම්වරයා ලෙසත් ආරක්ෂක ලේකම් රොබර් මැක්නමාරා යටතේ ආරක්ෂක පර්යේෂණ සහ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙනුත් කටයුතු කර තිබිණි.
 
(රොයිටර් ඇසුරිනි 
 
055)



අදහස් (0)

ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් හැරල්ඩ් බ්‍රවුන් අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1667 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site