ඇමෙරිකා එක්සත් ජනපදයේ නැවතී තිබෙන රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය පියවර ගෙන තිබේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පනත් කෙටුම්පතක් සම්මත කරගැනිමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය එම පියවර ගත්තේය.

කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තම ජනාධිපති බලතල භාවිත කරමින් එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ. 

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලතල හිමිව ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. මේ තත්ත්වය විශාල අර්බුදයක් නිර්මාණය වී තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට මුදල් වෙන් කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඩිමොක්‍රටික් පක්ෂ පාලනයේ තිබෙන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉකුත් දිනෙක පියවර ගත්තේය.

ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඉදි කෙරෙන තාප්පයට මුදල් වෙන් නොකරන කිසිදු පනතකට තමන්ගෙන් අනුමැතිය නොලැබන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. 

ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නව කතානායිකා නැන්සි පොලෙසි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමු වී සාකච්ඡා නියමිත යැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඉදි කිරීමට නියමිත තාප්පය ආචාරධාර්මික නැතැයි නැන්සි පොලෙසි අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් කොංග්‍රසයේ එරට ඉතිහාසයේ වැඩිම විවිධත්වයකින් යුත් කොංග්‍රසය යැයි ද පැවසේ. වත්මන් කොංග්‍රසය විවිධ ජන කොටස්, විවිධ දේශපාලන මතවාද දරන බොහෝ පිරිසකගෙන් සමන්විතය. 

බී.බී.සී. ඇසුරිනි 

055