අධික වර්ෂාව සමඟ ඇති වූ නායයාමකින් ජාවා දූපතේ පුද්ගලයන් නව දෙනෙක් මියගොස් 34 දෙනෙක් අතුරුදහන් වී ඇත.
ඉන්දුනීසියානු පොලීසිය,ගම්වාසීන් සහ සෙබළුන් අතුරුදහන් වූවන් සොයමින් සිටීන අතර නායයාමෙන් නිවාස 30 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇත.
අවතැන් වූ 60 දෙනෙක් තාවකාලික වාසස්ථාන කරා ගොස් ඇති බව ජාතික ආපදා අවම කිරීමේ ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
500 වඩා වැඩි පිරිසක් බේරා ගෙන ඇති අතර මෑත කාලයේ දී වැසි සහිත කාලගුණික තත්ත්වයත් සහ අධික වඩදිය බාදිය නිසාත් නාය යෑම් සහ ගංවතුර තත්ත්වයක් ඉන්දුනීසියාවේ ඇති විය.
මෙම නායයෑම සිදුවූයේ සුනාමි ව්‍යසනය ඇතිවී සති දෙකකටත් අඩු කාලයකට පසුවයි.
ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනිකන්ද පිපිරීමෙන් ද මෙම සුනාමිය ඇති විය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd