දකුණු තායිලන්තයට බලපෑ පබුක් නිවර්තන කුණාටුව සමඟ තද වැසි සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
අද දහවල් 12.45 ට මෙම කුණාටුව ඇති වී ඇති අතර වර්ෂ 30 කට පසුව තායිලන්තයට බලපෑ දරුණු කුණාටුව මෙය වේ.
මෙම කුණාටුව බලපා ඇති ප්‍රදේශය සංචාරකයින් ගැවසෙන ප්‍රදේශයක් වන අතර දිවයිනේ තද වැසි සහ සුළං ඇති වීම නිසා කෙටි කාලයක් විදුලිය ඇනහිට තිබූ බව සංචාරකයින් බීබීසී පුවත් සේවයට පවසා ඇත.
සෙනසුරාදා උදෑසන දක්වා ආරක්ෂිත ප්‍රදේශයක් වෙත යොමු වන ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇති අතර මේ වන විට බොහෝ දෙනෙක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වී ඇත.
නිවර්තන කුනාටු වැඩි බලපෑමක් ඇති කරන හෙයින් තමන්ද සූදානමින් සිටින බව බලධාරීහු පවසති.
මෙම කුණාටුව නිසා ගංවතුර හා ක්ෂණික ගංවතුර තත්ත්වන්, මුහුද රළු වීම්, නාය යාම් ඇති විය හැකි බවත් පරීක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙසත් තායිලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සංචාරකයින් ගෙන් ඉල්ලා සිටී.
විශාලතම කුණාටුවඇති වී ඇත්තේ 1989 වර්ෂයේ දීය එයින් 800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
බීබීසී ඇසුරෙනි
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd