සඳේ පෘථිවියට දර්ශනය නොවන ප්‍රදේශයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වීමට චීනය සමත් වි ඇත.
මෙය එම ප්‍රදේශයට යානයක් ගොඩබැස්වූ ප්‍රථම අවස්ථාව වන අතර එමගින් සඳේ ජෛවවිද්‍යාත්මක හා භූ විද්‍යාත්මක පර්යේෂණයන් රැසක් සිදුකිරීමට නියමිතව ඇත.
චැන්ජි - 4 ලෙස නම් කර ඇති යානය සඳේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි එයිට්කන් ද්‍රෝණියට පතිත කර ඇති අතර චීන මාධ්‍ය පවසන්නේ මෙය අභ්‍යවකාශ ගවේෂණයේ දැවැන්ත පියවරක් වනු ඇති බවයි.
මිට පෙර සඳමත සියලු මෙහෙයුම් සිදු කර ඇත්තේ පෘථිවියට මුහුණලා ඇති පැත්තේ වන අතර අනෙක් පැත්තට යානයක් පතිත කරවීම අවදානම් සහ දුෂ්කර ක්‍රියාවලියක් බව පැවසේ.
යානය විසින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප කිහිපය මේ වනවිට ලැබී ඇති බව චීන අභ්‍යවකාශ කාර්යාංශය වාර්තා කරයි.
චැන්ජි - 3 නමින් 2013 වර්ෂයේදී ද චීනය විසින් සඳ මතට යානයක් ගොඩබස්වා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෘථිවියට දර්ශනය නොවන පැත්තට අභ්‍යවකාශ යානයක් යැවීමට චීනය සමත් වෙයි