කොරියා සම්මුතිය ගැන ලක් රජයේ ප්‍රසාදය කොරියානු ජනරජයේ හා කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන ජනරජයේ නායකයන් අතර පැවැති අන්තර්-කොරියා හමුවේදී දෙරටේ නායකයින් පන්මුන්චොම් ප්රකාශනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රසාදය පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 14 May 2018
ජෙරුසලමේ ඇමෙරිකා තානාපති කාර්යාලය ගැන ට්‍රම්ප්ගෙන් ට්විටර් පණිවිඩයක් ජෙරුසලමේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විවෘත කිරීම ඊශ්‍රායලයට ශ්‍රේෂ්ඨ දිනයක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවසීය. 14 May 2018
ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකින් 12 ක් මරුට ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවන් එල්ල කරන ලද ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 14 May 2018
‘න්‍යෂ්ටික අවි වැඩසටහන් නවත්වන්නේ නම් සම්බාධක ඉවත් කරනවා’ උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සූදානම් නම් එරටට පනවා තිබෙන තිබෙන සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාව සූදානම් බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය. 14 May 2018
ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා බලයි චීනය එරට නිෂ්පාදිත පළමු ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව පළමුවරට මුහුදේ අත්හදා බැලීම් සිදු කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. චීනය තම නාවික හමුදාව නවීකරණය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව නිෂ්පාදනය කළේය. 13 May 2018
ඉන්දුනීසියාවේ දේවස්ථාන තුනක බෝම්බ පිපිරීම් - 13ක් මරුට ඉන්දුනීසියාවේ දේවස්ථාන තුනකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් 13 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 13 May 2018
ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුව සිංගප්පූරුවේදී තමන් හා උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ජූනි මස 12 වැනිදා සිංගප්පූරුවේදී සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (10) බ්‍රහස්පතින්දා අනාවරණය කළේය. 10 May 2018
උතුරු කොරියා නායකයා චීන ජනපති සමඟ සාකච්ඡා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීන ජනාධිපති ෂී ජින් පින්ග් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි චීනයේ නිල පුවත් සේවය වන ‘ෂින්හුවා’ පුවත් සේවය අද (8) නිවේදනය කළේය. 08 May 2018
චීන කොමියුනිස්ට් නිලධාරියා අල්ලස් චෝදනාවට දිවි ඇති තෙක් හිරේට අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරියකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ. 08 May 2018
නිව්යෝර් නීතීපති ජනරාල් ඉල්ලා අස් වෙයි ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් කාන්තාවක ඇතුලු කාන්තාවන් සිව් දෙනකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධෙයන් තමන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම නිසා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි නීතිපති ජනරාල් එරික් ෂ්නයිඩර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ’’ ද නිව්යෝක් ’’ සඟරාව වාර්තා කරයි. 08 May 2018
කර්ණාටක අපේක්ෂකයෝ 391ට අපරාධ චෝදනා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 391 දෙනකුට අපරාධ චෝදනා එල්ල වී තිබේ. එම 391 දෙනාගෙන් 254 දෙනකුට සාපරාධීය අපරාධ චෝදනා ඇතැයි ද වාර්තා වේ. 07 May 2018
හවායි දූපතේ කිලවුවා ගිනි කන්ද පුපුරයි හවායි දූපතේ කිලවුවා ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස 26ක් විනාශ වී ඇති අතර තවත් සියගණනක් නිවෙස් වලට අනතුරුදායක වී ඇති බව වාර්තා වේ. 07 May 2018
ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 30 ක් මරුට දිගින් දිගටම සිදුවන ලේ වැගිරීම්වල තව දිගුවක් සටහන් කරමින් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පිහිටි ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ ස්ථානයකට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබේ. 07 May 2018
නැගෙනහිර නයිජීරියාවේ ප්‍රහාරයකින් 50 ක් මරුට නැගෙනහිර නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 50කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එරට පොලිසිය සඳහන් කරයි. 07 May 2018
ගුවන් යානය සොයන අතරතුර නෞකා දෙකක සුන්බුන් සොයා ගනී මීට වසර හතරකට පෙර අතුරුදන් වූ එම්එච්370 මැලේසියා ගුවන් යානයේ සෙවුම් කටයුතු සිදුකරන අතරතුර ඉන්දියන් සාගරයේ තිබී 19 වන ශතවර්ෂයේදී මුහුදේ ගිලීගිය වෙළඳ නෞකා දෙකක සුන්බුන් සොයා ගැනීමට හැකිවී ඇතැයි පර්යේෂකයෝ පවසති. 04 May 2018
පැරිස් නුවර මැයි රැළියේ කළහ කළ 200 ක් අත්අඩංගුවට ප්‍රංශයේ පැරිස් නුවර මැයි දින පෙළපාළි පැවැත්වෙන අතරතුර කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදුණු 200ක් පමණ පිරිසක් අත්අඩංගුවට ගත් බව පැරිස් පොලිසිය පවසයි. 02 May 2018
ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ 23 ක් මරුට ගිනිකොන සිරියාවේ ගම්මානයකට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවකින් කුඩා දරුවන් 10 දෙනකු ඇතුළුව සිවිල් වැසියන් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය කියයි. 02 May 2018
මිනිත්තු 90න් මහල් 26ක ගොඩ නැගිල්ලක් ඉවරයි බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවර මහල් 26කින් සමන්විත ගොඩනැගිල්ලක් විනාඩි 90ක කාලයකදී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වේ. 01 May 2018
නයිජීරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 24ක් මරුට නයිජීරියාවේ ඊසානදිග මූබි නගරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගෙන සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයකින් 24 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 01 May 2018
ඩොනල්ට් ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක් ඇමෙරිකා එක්සත් ජනපදය මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකෙරෙන තාප්පයට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදුනහොත් රාජ්‍ය සේවා සියල්ල නවතා දමන බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට කොංග්‍රසයට අනතුරු ඇඟවීය. 01 May 2018
ට්‍රම්ප් - කිම් ජොන් උන් අතර හමුව සිංගප්පුරුවේ තමන් හා උතුරු කොරියානු නායකයා අතර හමුව සිංගප්පූරුවේදී සිදුවන බව ඇමෙරිකාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළේය. 01 May 2018
චීනයේ රාජ්‍ය තාන්ත්‍රික වැන්ග් යී උතුරු කොරියාවේ සංචාරයක චීන රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන වැන්ග් යී මේ සතියේදී උතුරු කොරියාවේ සංචාරයක නිරත වන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කෑන් අද (30) සඳුඳා ප්‍රකාශ කළේය. 30 April 2018
කාබුල් නුවරට බෝම්බ ප්‍රහාර දෙකක් කාබුල් නුවරට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 April 2018
න්‍යෂ්ටික වැඩබිම් නිරීක්ෂණයට එන්නැයි කිම් ජෝන්ග් ගෙන් ආරාධනා ලබන මාසයේදී න්‍යෂ්ටික වැඩබිම් වසා දැමීම නිරීක්ෂණය කරන්න පැමිණෙන්නැයි උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ ජනමාධ්‍යවේදීන්ට සහ විශේෂඥයන්ට ඉරිදා (29) ආරාධනය කළේය. 30 April 2018
ඉන්දියාවත් චීනයත් සාමය ගැන උනන්දුවෙන් දේශසීමාවේ සාමය පවත්වා ගැවීම සඳහා දෙරටේ ආරක්ෂක අංශ අතර සන්නිවේදනය වර්ධනය කරගැනීමට ඉන්දියාව සහ චීනය එකඟතාව පළ කර ඇතැයි ඉන්දියාවේ විදේශ ලේකම්වරයා අද, සෙනසුරාදා (28) ප්‍රකාශ කළේය. 28 April 2018
ඉන්දීය සහයෝගය චීනයට අහිමි වෙයි එක් තීරයක් එක් මාවතක් යටිතල පහසුකම් ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ සහාය ගැනීමට චීනය අසමත් වී තිබේ. 28 April 2018
කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලයි බස් රථ අනතුරකින් චීන සංචාරකයන් 32 ක් මිය යෑම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලා ඇතැයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද (26) වාර්තා කළේය. 26 April 2018
ෆේස්බුක් නීති රීති ප්‍රසිද්ධ කරයි ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එය භාවිත කරන්නන්ගේ නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට භාවිත කරන ලද නීති රීති අද (24) ප්‍රසිද්ධියට පත් කළේය. 24 April 2018
පාරෙන් පිට පැන්න වෑන්රියට කැනඩාවේ 10ක් බිලි කැනඩාවේ ටොරොන්ටෝ නුවර මගීන් ගමන් ගන්නා පදික වේදිකාවක වෑන්රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමෙන් 10දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි. 24 April 2018
ඇමෙරිකා මිතුරෝ සහ සතුරෝ න්‍යෂ්ටික ගිවිසුමට සහාය දක්වති ඇමෙරිකා එක්සත් ජනපදයේ මිතුරන් මෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදීහුද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය දක්වමින් අද (23) අදහස් දැක්වූහ. 23 April 2018
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026