සුඩාන විරෝධී කැරලි මර්දන පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය අය අතර ආරක්ෂක බළකායේ නිලධාරීහු දෙදෙනෙක් ද වෙති. ගැටුමින්  පුද්ගලයන් 219 ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

සුඩාන රජය පාන් මිල ඉහළ දැමීමට එරෙහිව ඔවුන් මෙසේ විරෝධය පළකර ඇත.

දෙසැම්බර් 19 වැනිදා සිට රජයට විරෝධය පළකිරීම ආරම්භ වී ඇති අතර බ්‍රහස්පතින්දා(27) පාන් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම ගැටුම උත්සන්න වී තිබේ. 

පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි. 

වෛද්‍යවරුන් සහ නිලධාරීන් තෙදින වැඩවර්ජනයක් සමඟ මෙම විරෝධයට සහය පළ කර ඇත.  

(63226)