ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය එළඹෙන වර්ෂයේ ජූලි 20 දක්වා කල් දමා ඇති බව ඇෆ්ගනිස්ථාන මැතිරවරණ කොමිසම පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අප්‍රේල් 20 වැනිදාට නියමිතව තිබිණු අතර එය මාස තුනකට කල් තබන ලදී.
ඇෆ්ගනිස්ථානය අවසන් ජනාධිපතිවරණයක් පවත්වා ඇත්තේ 2014 වර්ෂයේදීය.
මීට පෙර පැවැත්වීමට නියමිතවූ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මැතිවරණ කල්දැමීමට සිදු වූ බව මැතිවරණ කොමිසාරිස්වරයා පැවසුවේය.
කල්දමා තිබු පාර්ලිමේන්තු ඡන්දයද එදිනම පැවැත්වීමට සැලසුම්කර තිබේ.
ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් මාසයේ පැවැත්වූණු අතර එහිදී සිදුවූ තාක්ෂණික ගැටලු නිරාකරණය කාලය අවශ්‍ය බවින් ජනාධිපතිවරණ ඡන්ද විමසීම කල් තැබුවේය.
මැතිවරණ වංචා අඩු කිරීමටත්, ඡන්දදායක ලැයිස්තු විධිමත් ලෙස සැකසීමත් එම කාලසීමාවේදී සිදු කරන ලද බව ස්වාධීන මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd