ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව සමඟ ලබන මාසයේ සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතව තිබු සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බව තලේබාන් සංවිධානයේ නායකවරු පවසති.

ඇෆ්ගනිස්ථානයේ පවතින 17 වසරක යුද්ධය අවසන් කිරිමේ සාකච්ඡා මෙලෙස සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

‘ලබන වසරේ ජනවාරි මාසයේ දී අපි ඇමෙරිකානු නිලධාරීන් හමුවීමට නියමිතව තිබුණා. අබුඩාබි හි දී අපි ආරම්භ කළ සාකච්ඡා අසම්පුර්ණ වී තිබෙනවා’ යැයි තලේබාන් සංවිධානයේ නායකයකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

කෙසේ වෙතත් අපි ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව සමඟ කතා නොකරන බවට සියලු පාර්ශවකරුවන්ට අපි පැහැදිලි කර තිබෙනවා යැයි එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

(28535)