පකිස්තානයේ හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරි මහතාට විදේශ ගතවීම තහනම් කිරිමට එරට අධිකරණය නියෝග කර තිබේ.
ව්‍යාජ බැංකු ගිණුම් 172 කින් මුදල් විශුද්ධිකරණය කළැයි  ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

සර්දාරි මහතාගේ බිරිඳ වූ පකිස්ථානයේ හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝ මහත්මියගේ 11 වැනි අනුස්මරණ සැමරුම අවස්ථාවේ දී පකිස්තාන අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්ෂ 2007 දෙසැම්බර් 27 වැනි දා රාවල්පින්දි නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇය මරණයට පත්විය.

සර්දාරි මහතා ව්‍යාජ බැංකු ගිණුම් හා සමාගම් හරහා මුදල් වංචා කළ ආකාරය පිළිබඳව ඒකාබද්ධ පරීක්ෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති බව චෞද්රි මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙම වංචාව සඳහා ෆයාල් තල්පූර් නම් ඔහුගේ සොහොයුරියක් ද සම්බන්ධ කරගෙන ඇති බව සොයා ගෙන ඇත.    

                    
(28535)