IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දැඩි ආරක්ෂාව මැද බංගලාදේශ මැතිවරණය ඇරඹේ


බංගලාදේශයේ අද (30) පැවැත්වෙන මහමැතිවරණය සඳහා ලක්ෂ හයකට ආසන්න ආරක්ෂක භට පිරිසක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර මහ මැතිවරණයේ දී බංගලාදේශයේ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය සිව්වැනි වරටත් පාලන බලය හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කරයි.

ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 104 ක වඩා වැඩි පිරිසක් ඡන්දය පාවිච්චි කිරිමට නියමිතය. මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් 299 දෙනෙකු තෝරා පත් කර ගනු ඇත.

බංගලාදේශය පුරා ඡන්ද මධ්‍යස්ථාන 40,000 ක ඡන්ද දායකයන් මේ වන විට තම ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි. එරට වේලාවෙන් අද (30) උදෑසන 8  ට ඡන්දය භාවිතා කිරිම ආරම්භ වු අතර පස්වරු 4  ට ඡන්දය භාවිතා කිරිම අවසන් වේ.

අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය බංගලාදේශයේ ඩකා අගනුවර දී ඡන්දය ප්‍රකාශ කර තිබේ. ‘අපි ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරමු. ජනතාවගේ වරප්‍රසාදය පිළිගන්නවා’ යැයි අගමැතිනීය එහි දී පැවසුවාය.

           
(28535)



අදහස් (0)

දැඩි ආරක්ෂාව මැද බංගලාදේශ මැතිවරණය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site