බංගලාදේශයේ අද (30) පැවැත්වෙන මහමැතිවරණය සඳහා ලක්ෂ හයකට ආසන්න ආරක්ෂක භට පිරිසක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මහ මැතිවරණයේ දී බංගලාදේශයේ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය සිව්වැනි වරටත් පාලන බලය හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කරයි.
ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 104 ක වඩා වැඩි පිරිසක් ඡන්දය පාවිච්චි කිරිමට නියමිතය. මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් 299 දෙනෙකු තෝරා පත් කර ගනු ඇත.
බංගලාදේශය පුරා ඡන්ද මධ්‍යස්ථාන 40,000 ක ඡන්ද දායකයන් මේ වන විට තම ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි. එරට වේලාවෙන් අද (30) උදෑසන 8 ට ඡන්දය භාවිතා කිරිම ආරම්භ වු අතර පස්වරු 4 ට ඡන්දය භාවිතා කිරිම අවසන් වේ.
අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය බංගලාදේශයේ ඩකා අගනුවර දී ඡන්දය ප්‍රකාශ කර තිබේ. ‘අපි ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරමු. ජනතාවගේ වරප්‍රසාදය පිළිගන්නවා’ යැයි අගමැතිනීය එහි දී පැවසුවාය.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd