ගැබිනි මවකට එච්.අයි.වී. ආසාදිත රුධිරය පාරවිලයනය කර ඇති බවත් ඇයට ඉතා ඉහළ සහ කඩිනම් ප්‍රතිකාර සිදු කිරීම ආරම්භ කර ඇති බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ලේකම් ජේ. රාජක්‍රිෂ්ණන් පැවැසීය.
එම ගැබිනි මව මේ වනවිට මදුරේ හි රජායි රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රුධිරය රැගෙන ආ බව කියන සිවකාසී රෝහලේ සේවකයන් තිදෙනකු සේවයෙන් ඉවත් කළ ඇති බවත් රාජක්‍රිෂ්ණන් කීවේය.
නොසැලකිල්ල සම්බන්ධයෙන් එම සේවකයන් තිදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඇතැම් විට ඔවුන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරනු ඇති බවත් හෙතෙම කීය.
ජේ. රාජක්‍රිෂ්ණන් එම ගර්භණී මවගේ පවුලේ සාමාජිකයන් ද හමු වී ඇත.
ගර්භණී කාන්තාවට රෝහලේ විශේෂ වාට්ටුවකදී වෛද්‍යවරුන් කණ්ඩායමක් විශේෂ ප්‍රතිකාර කරන බවත් පවුලේ සාමාජිකයන් එම ප්‍රතිකාර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ඇයට පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍රාන්ත මහ අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් රාජක්‍රිෂ්ණන් කීවේය.
මෙම සිදුවීමත් සමඟ රුධිර සාම්පල පරීක්ෂා ආරම්භ කර තිබෙන අතර මවගෙන් දරුවාට ආසාදිතය වැළැඳීම ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට ප්‍රතිකාර ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ගැබිනි මවට රුධිරය දී ඇති 19 හැවිරිදි රුධිර දායකයා තමන් එච්.අයි.වී ආසාදිතයකු බව දැන ගැනීමත් සමඟ සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙන අතර මේ වනවිට ඔහුට ද ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.
ද හින්දු
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd