බංගලාදේශ මහ මැතිවරණයෙන් තෙවැනි වරටත් අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජයග්‍රහණය කළ බව බංගලාදේශ මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ ජයග්‍රහණය අභිබවා පාර්ලිමේන්තු ආසන 300 න් ආසන 288 ක් ඇයගේ පක්ෂය ජයග්‍රහණය කර ඇත.

මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ඇය දිර්ඝතම කාලයක් බංගලාදේශයේ පාලනය කරන රාජ්‍ය නායිකාව බවට පත්විය.

බංගලාදේශයේ ප්‍රධාන විපක්ෂය පැවසුවේ මෙම මැතිවරණය හෙළා දකින බවත් යළි නව මැතිවරණයක් පැවැත්විය යුතු බවත්ය. එරට ප්‍රධාන විපක්ෂයට දිනා ගැනීමට හැකි වුයේ ආසන 7 ක් පමණි.

‘මෙම අන්තවාදී ප්‍රතිඵලය වහාම අවලංගු කර යළිත් මැතිවරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා’ යැයි එරට විපක්ෂ නායක කමල් හොසේන් මහතා කීය.

(28535)