ඉන්දියාවේ නවදිල්ලි නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ් කරන්නැයි එරට අධිකරණයක් නියෝග කළේය.
මොවුන් පිළිබඳව තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් ඔවුන් දස දෙනා ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය අනුගමනය කරන වෙනත් සංවිධානයක් සමඟ තවත් සංවිධානයක් සමඟ සමීප සබඳතා පවත්වන බව අනාවරණය වී තිබේ.
දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල කරන ලද වැටලීම්වලදී මෙම පුද්ලයන් 10 නා ජාතික විමර්ශන ආයතනයේ අත්අඩංගුවට පත්ව ඇත.
මෙම පුද්ගලයන් අහිංසක බව එක් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක් කීය. එහෙත් දින 12ක් ඔවුන් රඳවාගන්නා ලෙස අධිකරණය දැනුම් දී තිබේ.
දැඩි ආරක්ෂාව මධ්‍යයේ, සැකකරුවන්ගේ මුහුණු වසා පොලිසිය ඔවුන් අධිකරණයට රැගෙන ආවේය.
ආරක්ෂක හේතූ මත මෙම සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු මාධ්‍ය හා මහජනතාව ඉදිරියේ නොකිරීමට විනිසුරු අජේ පාණ්ඬේ නියෝග කළේය.
කිලෝග්‍රෑම් 25ක පුපුරණ ද්‍රව්‍ය, පිස්තෝල 12ක්, නිවසක තනන ලද රොකට් ලෝන්චරයක් මොවුන් ළඟ තිබී සොයාගත් බව ජාතික විමර්ශන ආයතතය අධිකරණයට දැන්වීය.
රොකට් ලෝන්චරය ගොවිපොළක යන්ත්‍රයක කොටසක් බවත් පුපුරණ ද්‍රව්‍ය හින්දු උත්සවයේ ගිනිකෙළි සඳහා බවත් සැකකරුවකු වෙනුවෙන් පෙනි සිටි නීතිඥයා කීවේය.
“මගේ සේවාදායකයන් අහිංසකයි. ඔවුන් පිළිබඳව බොහෝ කතා නිර්මාණය කරලා” යැයි ඔහු කීය.
ඉන්දීය මහ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත අතර එම තත්ත්වය මත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තර්ජන ඇති බව සඳහන් කරමින් අදාළ ආයතන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපි යවා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිල්ලියේ ප්‍රහාරයකට සැලසුම් කළ 10 ක් රිමාන්ඩ්