ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කර ඇතැයි එරට දේශපාලන සහ හමුදා නායකයෝ චෝදනා කරති.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙර දැනුම් දීමකින් තොරව ඉරාකයේ සිටින ඇමෙරිකා සෙබළුන්ගේ සුව දුක් විමසීම සඳහා ඉරාකයට පැමිණීමත් සමඟ මෙම චෝදනා එල්ල වී තිබේ.
එම සංචාරය අතරතුරදී ඉරාක අගමැති අදෙල් අබ්දුල් මහ්දි සහ ඇමෙරිකා ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ස්ථානය පිළිබඳව ගැටලුවක් නිසා එම හමුව අවලංගු කළ බව ඉරාක මැති ඇමැතිවරු කීහ.
“ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කරලා. ඔහු කිසිදු සීමාවක් නැතිව ආක්‍රමණශීලි ලෙස හැසිරෙනවා. ට්‍රම්ප් ඔහුගේ සීමා දැනගත යුතුයි. ඇමෙරිකා ඉරාකය අත්පත් කරගැනීමට ගත් උත්සහාය දැන් අවසන්. ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීම පිළිබඳ හදිසි පාර්ලිමේන්තු සැසියක් කඩිනමින් කැඳවිය යුතු” යැයි ඉරාකයේ ‘ඉස්ලා පාර්ලිමේන්තු කණ්ඩායමේ’ නායක ෂබාහ් අල් සාදී පැවැසීය.
ඉස්ලා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ‘බිනා’ කණ්ඩායම මෙන්ම ඉරානයේ සහාය ලබන සන්නද්ධ නායකයකු වන හාදි අල් අමිරී ද ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ඉරාක සංචාරයට විරෝධය පළ කළේය.
“ඇමෙරිකා ජනාධිපතිවරයා පැහැදිලිවම සහ දරුණු ලෙස රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත්, ආචාර් ධර්ම සහ සම්ප්‍රදාය කඩ කරලා. ඉරාක රජය සමඟ කටයුතු කිරීමේදී ඇමෙරිකා ජනාධිපතිවරයාගේ හැසිරීම පිළිකුල් සහගතයි” බිනා පාර්ලිමේන්තු කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd