ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සඳහන් කරයි.
 
ලූට්න් ගුවන් තොටුපොළේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සිරියාවේ අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය කියයි. 
 
බෙඩ්ෆෝඩ්ෂයර් හි පොලිස් ස්ථානයකට ඔහු රැගෙන ගොස් ඇති අතර රඳවාගෙන ඔහු ප්‍රශ්න කරන බව ද වාර්තා විය. 
 
“ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කිරීමට සැක පිට ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු අත් අඩංගුවට ගත්තේ 2006 ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පනතේ 5 වැනි කොටසට අනුකූලව” යැයි ද පොලිසිය කියයි. 
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ ඇති බව ද තවදුරටත් වාර්තා විය. 
 
 
ඩේලිමේල් ඇසුරිනි 
 
055