ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාවීම අරමුණු කරගනිමින් ගිනි අවි සම්බන්ධ නීති ලිහිල් කරන බව බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සොනාරෝ නියෝගයක් නිකුත් කරමින් පවසා සිටියේය.
ජනාධිපති තුවක්කු භාවිතය සම්බන්ධ නීතිය නවීකරණය කරමින් කොංග්‍රසයට කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එම නියෝගය අනුව ඕනෑම පුරවැසියෙක්ට විශේෂ බලපත්‍රයක් ඇතිව නිවසේ තුවක්කුවක් තබා ගැනීමට අවස්ථාව හිමිවේ.
මෙම නීතිය ජනවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන බව ටීවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.
පවතින නීතිය අනුව අවුරුදු 25ට වැඩි, හොඳ මානසික තත්ත්වයක් ඇති, රැකියාවක් කරන්න මීට පෙර අපරාධ සම්බන්ධ චෝදනා නැති අයට පමණක් තුවක්කු භාවිතා කිරීමේ අවසර හිමි වේ.
2003 වසරේ ලෝකයේ වැඩිම ඝාතන සිදුවූ රට වූයේ බ්‍රසීලයයි.
2017 වර්ෂයේදී බ්‍රසීලයේ මිනීමැරුම් 63,880 සිදුවී ඇති අතර එය ලෝකයේ ඉහළම අනුපාතයක් වේ.
2016 වර්ෂයේ ගිනි අවි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 62,517 ක් වේ.
මේ ආකාරයට වෙඩි තැබීම් හේතුවෙන් සෑම වර්ෂයකදීම විශාල පිරිසක් වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්වන බවත් එබැවින් ගිනිඅවි සම්බන්ධ නීතිය ලිහිල් කර බව ජනාධිපතිවරයා පැවසුවේය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd