අයි එස් ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති බව එරට රිපබ්ලිකන් පක්ෂ නායකයකු සඳහන් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
අයි එස් ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා තමා දිවි හිමියෙන් කටයුතු කරන බවත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත යළිත් වරක් උපදෙස් ඇතැයි ද සඳහන් වේ.
නමුත් මේ පිළිබඳව ධවල මන්දිරයෙන් තවමත් නිසි ප්‍රකාශයක් සඳහන් කර නැතැයිද එරට මාධ්‍ය සඳහන් කරයි.
සිරියාවේ සිටින ඇමෙරිකානු හමුදා ඉවත් කිරීමට පියවර ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමඟ ඊට දැඩි විවේචනද එල්ල විය.
(බිබිසි ඇසුරෙනි)
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd