ඉන්දුනීසියාවේ බටහිර පැපුවා පළාතේ රික්ට(ර්) මාපාංක 5.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් අද (28) හටගෙන තිබේ.

ඉන්දුනීසියානු බලධාරීන් පැවසුවේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ට(ර්) මාපාංක 6.1 ක් බවත් ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන් පැවසුවේ එය රික්ට(ර්) මාපාංක 5.8 ක් බවයි.

බටහිර පැපුවා පළාත තුළ විශාල භූ චලනයක් සිදුවී ඇති බවත් මිනිසුන් තම නිවෙස් වලින් පිටතට පැමිණ දිව යන්නට වු බවත් එරට බලධාරීහු පවසති.

සුනාමි තත්ත්වයක් යළිත් ඇති වීමේ අවදානමත් නැති බව ඉන්දුනීසියානු කාලගුණ කාර්යංශය පවසයි.

මීට අමතරව අනක් ක්‍රැකටෝවා ගිනිකන්ද පිපිරීමේ අවදානම තවමත් පහව ගොස් නොමැති බව ද ඉන්දුනීසියානු බලධරයෝ පවසති.    

             
(28535)