ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභික එළිසබෙත් වොරන් මහත්මිය 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වේ.
69 හැවිරිදි වියේ පසුවන ඇය 2013 වසරේ සිට මැසචුසෙට්ස් ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනට් සභාව නියෝජනය කරන්නීය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව දැඩි ලෙස විවේචනය කරන්නියක ලෙස ද ඇය ප්‍රකටය.
ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ඇය විසින් නිවේදනය කරනු ලැබ තිබෙන අතර එය ජනාධිපතිවරණයට මූල්‍ය ආධාර එකතු කිරීමට උපකාරී වනු ඇතැයි පැවසේ.
“ඇමෙරිකාවේ මධ්‍යම පන්තිය තර්ජනයට ලක්වෙලා” යැයි ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළාය.
‘අපි කොහොමද මෙහි ආවේ. බිලියනපතියන් සහ විශාල සමාගම් ඔවුන්ට අවශ්‍ය දේ තීරණය කර තිබෙනවා. ලොකුම කුට්ටිය ඔවුන්ට. දේශපාලනඥයන්ට තවත් ලොකු කුට්ටියක් දිය යුතු බව ඔවුන්ම නියම කරලා. ඇමෙරිකාවේ සිටින සෑම පුද්ගලයකුටම වෙහෙස වී වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෑ.’
මහන්සි වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. හැමෝම එකම නීතියට යටත්. හැමෝටම තමන් ගැන වගේම තමන් ආදරය කරන මිනිස්සු ගැන බලාගන්න ඕනෑ. එම හැකියාව තිබෙනවා. මම සටන් වදින්නේ ඒ සඳහා. මේ විශේෂ කමිටුව ආරම්භ කරන්නේ ඒ වෙනුවෙන්. මට ඔබ අවශ්‍යයි” ඇය සඳහන් කළාය.
ඒ.එෆ්.පී ඇසුරිනි
(055)

.

2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එළිසබෙත් වොරන් 2020 ජනපතිවරණයට ඉදිරිපත් වන ලකුණු