කහ කබාකරුවන් විසින් ප්‍රංශ රජයට  විරෝධය පළ කිරිම නැවතත් ආරම්භ වී ඇත.  

 
පොලිසිය සහ විරෝධකරුවන් අතර ගැටුම් ඇති වී ඇති අතර මෙය 2019 වර්ෂයේ ඇති වූ පළමු විරෝධය වෙයි. 
 
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මෙසේ විරෝධය පලකිරීම හෙළා දැක ඇති අතර විරෝධකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.
 
පැරිසියේ පෙලපාලිය සාමකාමීව ආරම්භ වී ඇති අතර දහවල් ඔවුන් ගොඩනැගිලි සහ වාහන වලට හානි සිදු කරමින්  ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා කදුළු ගෑස් එල්ල කිරීමට පොලීසියට සිදු වී ඇත.  
 
ඉන්ධන බද්ද ඉහළ දැමීම සමඟ  ජීවන වියදම්වල විසඳුම් ඉල්ලමින් 2018 වර්ෂයේ නොවැම්බර මාසයේ දී මෙම උද්ඝෝෂණය ප්‍රංශය පුරා පැතිර ගියහ.
 
(63226)