පිලිපීනයට බලපෑ උස්මාන් කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ආපදා කළමනාකරණ ආයතනය පවසයි.
 
මියගිය අය අතරින් 100 වඩා වැඩි පිරිසක් බ්‍රිකෝල් කඳුකරයේ  මැනිලා ප්‍රදේශයේ ජීවත් වූ  අය වෙති. 
 
75 දෙනෙක් තුවාල ලබා ඇති අතර 26 දෙනෙක් අතුරුදන් වී ඇති බව බලධාරීහු අද පැවසූහ. 
 
කුණාටුවේ බලපෑමෙන්  අධික වර්ෂාව නායයාම් ඇති වූ අතර  එක් ලක්ෂ පනස් දෙදාහක් පමණ අවතැන් වී ඇති අතර  300,000 පමණ නිවෙස් අතහැර ගොස් ඇත. 
 
පවුල් 13,000 වැඩි ප්‍රමාණයක පුද්ගලයන් 58,000ක් පමණ පිරිසක් මේ වන විට අවතැන් කඳවුරුවල රැඳී සිටිති. 
 
කුණාටුව හේතුවෙන් කෘෂිකර්මයට වැඩි හානියක් සිදු වී ඇති අතර එය මිලියන 801 අගයක් ගන්නා බව කෘෂිකර්ම ලේකම් කීය. 
 
උස්මාන් කුණාටුව  පසුගිය මාස  29 වැනිදා පිලිපීනයේ මධ්‍යම හා නැගෙනහිර ප්‍රදේශ වලින් දිවයිනට ඇතුළු වී ඇත.  
 
(63226)