නෝර්වේහි ආක්ටික් ප්‍රදේශයේ සංචාරයේ යෙදුනු විදෙශිකයන් හතර දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ස්වීඩන් හා ෆින්ලන්ත ජාතිකයන් වන මොවුන් හිම කන්දකට යටවන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.

හිම ක්‍රීඩාවේ යෙදීම සඳහා මොවුන් පැමිණ ඇති අතර අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මොවුන් සොයා ගැනීමට මෙහෙයුම් දියත් කිරීම අසීරු වී ඇතැයි පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)